• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනය අල්ලගන්න හැමෝටම ඕනෙ ඇයි? මොකක්ද මේකෙ රහස? Sri Lanka Latest News

December 29, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
යාපනය අල්ලගන්න හැමෝටම ඕනෙ ඇයි? මොකක්ද මේකෙ රහස? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘යාපනයේ උපායමාර්ගික සහ ආර්ථික වැදගත්කම මුලින්ම අවබෝධ කරගනු ලැබුවේ එකල ආදි ලංකාව පාලනය කළ පෘතුගීසින් විසිනි. කෙසේ වෙතත් ලංකාවේ බටහිර සහ දකුණේ ඔවුන්ගේ නියැළීම් නිසා ඔවුනට එය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් විය. එසේම යාපනය කලාපයේ ඔවුන්ගේ උනන්දුවක් දක්වන වෙළෙඳ භාණ්ඩ නොමැතිකම නිසාද පෘතුගීසින්ගේ යම් ක්‍රියාකාරකම් අවම විය. පසුකාලීනව බලයට පැමිණී ලන්දේසින් විසින් යාපනය අර්ධද්වීපයෙන් පෘතුගීසින් පලවාහැර එම අර්ධද්වීපයේ බලය තහවුරු කරගත්තේය. එසේම ලන්දේසි පාලකයන් විසින් යාපනය ප්‍රදේශය ‘යාපනපට්නම් ආඥාව’ (Commandment of Jaffna patnam) නමින් එක් පරිපාලන කණ්ඩායමක් යටතටද පත්කරන ලදී. එසේම යාපනයේ සියවස් ගණනාවක ඉතිහාසයක් තිබුණු ප්‍රදේශ කිහිපයක්ම ලන්දේසි (ඕලන්ද) නගරවල නාමයන්ගෙන්ද නම් කෙරිණී. නිදසුන් ලෙස ඕලන්දයේ ප්‍රධාන නගර වන ඇමස්ටර්ඩෑම්, රොටර්ඩෑම්, ලයිඩන් සහ ඩෙල්ෆ්ට් නාමයන් එසේ අනුවර්තනය කෙරිණි. එසේම යාපනයේ ප්‍රකට ඉපැරැණි කෝවිලක් වන නාගපූෂණී අම්මාන් කෝවිල පිහිටා තිබෙන නයිනතිව් දූපත ‘හාර්ලේම්’ නමැති ලන්දේසි නගරයේ නමින් නම්කෙරිණි. මේ ආකාරයට විවිධ ක්‍රම හරහා ලන්දේසින් යාපනයේ බලය තහවුරු කරගත්තේය…’ (Sri Lanka Latest News)

ශ්‍රී ලංකාවේ ඉතිහාස වතගොතක් ගැන මෙසේ ඇසෙන කතාන්දරය කුමක්ද? මෙම වදන් ප්‍රකාශ කර සිටින්නේ කවරකු විසින්ද? ශ්‍රී ලංකාවේ යාපනය යනු ඉතා පැරැණි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති නගරයකි. මෙලෙස යාපනය අර්ධද්වීපය ගැන මෙම සුවිශේෂ කතාව කියා සිටින්නේ මෙරට සිටින විද්වතෙකි. ඔහු නම් මිහින්තලේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පිළිබඳ මහාචාර්ය කේ.ඩී. පරණවිතාන මහතාය. ඔහු මෙම කතාව කියා සිටින්නේ 1748 ලන්දේසි පාලන සමයේ යාපනයේ ආඥාපති ලෙස කටයුතු කළ ලිබ්‍රෙක්ට් හූර්මන් (Liebrecht Hooreman – Dutch Commander of Jaffna in 1748) නමැති හමුදා පාලකයා විසින් ලියන ලද ග්‍රන්ථයකට අනුවය. මෙම ග්‍රන්ථය ‘ලිබ්‍රෙක්ට් හූර්මන්ගේ මතක සටහන්’ ලෙසින් නම්කර ඇත. මහාචාර්ය කේ.ඩී. පරණවිතාන මෙම ආදි ග්‍රන්ථය ඇසුරු කර ගනිමින්, යාපනය අර්ධද්වීපයේ ආදි තොරතුරු රැසක් අනාවරණ කරන්නේය. ඔහු මෙහිදී පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ එකල ලන්දේසින් විසින් පාලනය කරන ලද යාපනය දකුණු ආසියාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වූ ආකාරයයි. එනම් 17 වැනි සියවසේදී ‘ලන්දේසි පෙරදිග ඉන්දීය සමාගම’ Dutch East India Company ලංකාවේ යාපනයේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් (Nagapattinam) දක්වා විහිදුණු වෙළෙඳ කලාපයක් සේ පිළිගැනීමය. මෙම ඉතිහාස කතාවට අදාළව මෙම සමයේදීද එම කලාපය සම්බන්ධ කරගනිමින් තවත් සුවිශේෂ වතගොතක්ද ඇසෙයි. එය නම් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ කරන මගී ප්‍රවාහන නෞකා සේවයයි. එහි අතීත සහ වර්තමාන තොරතුරුද මේ කතාවෙන් හෙළිවන්නේය.
මහාචාර්ය කේ.ඩී. පරණවිතාන මහතා සිදුකරන හරවත් ප්‍රකාශය තවදුරටත් සොයා බලමු.

‘ලිබ්‍රෙක්ට් හූර්මන් ආඥාපතිවරයාගේ මතක සටහන්වලට අනුව ඕලන්ද පාලකයන් විසින් පෘතුගීසින්ගෙන් යාපනය තම පාලනය යටතට ගන්නා තෙක් යාපනය දිගු කලක් පුරා දරුණු නොසැලකිල්ලකින් සහ උදාසීනත්වයකින් පීඩා විඳි බැව් පැවසෙයි. එතෙක් යාපනය සහ දකුණු ඉන්දියාව අතර පැවැති අවිධිමත් වෙළෙඳ ක්‍රියාවලිය ලන්දේසි පාලනය යටතේ ශක්තිමත් කළා පමණක් නොව, විධිමත් අයුරින්ද සිදුකළේය. 1692දී ලන්දේසි ආඥාපනතට අදාළව සංගණනයකදී යාපනයේ 200,000ක (ලක්ෂ 2ක) ජනගහනයකින් කුල වර්ග 40ක් සොයාගත් බව පැවසෙයි. එනම් ඉහළ කුලවල සිට අඩු කුල දක්වා මෙම ජනතාව විහිදී සිටිති. මෙම වටපිටාවේදී ලන්දේසි පාලනය සඳහා ‘වහල්භාවය’ තවත් ප්‍රධාන ආදායම් උත්පාදකයක් විය. එම පාලකයන් වහල් වෙළෙඳාම් අයිති කරගත්තා පමණක් නොව, එමගින් ලංකාව තුළ බොහෝ කාර්යභාරයන් සිදුකර ගත්තේය. එසේම එතැනින් නොනැවතුණු ඔවුන් තමන්ගේ අනෙක් යටත්විජිත රටවල සිටින වරප්‍රසාද ලත් කණ්ඩායම්වලට මෙම වහලුන් අයිති කරගැනීමටද ඉඩ ලබාදුන්නේය. එය කිසිදු බාධාවකින් තොරව සිදුකරනු ලැබුවේය. යාපනපට්නම්හිදී ලන්දේසින් විසින් කොරොමැන්ඩල් වෙරළේ සිට වහලුන් විකිණීම සක්‍රීයව දිරිමත් කළේය. 1694 සිට 1696 දක්වා පමණක් නාගපට්ටිනම් සිට යාපනයට වහලුන් 3,589ක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා පෙන්වා දෙයි…’

1748 යාපනයේ ලන්දේසි ආඥාපති ලිබ්‍රෙක්ට් හූර්මන් විසින් ලන්දේසි භාෂාවෙන් ලියා තබන ලද මෙම මතක සටහන් ග්‍රන්ථය සිංහල බසට පරිවර්තනය කරනු ලබන්නේ මහාචාර්ය කේ.ඩී. පරණවිතාන මහතා විසිනි. මෙහිදී ඔහු තවත් ඉන්දියාව සහ ලංකාව අතර සිදුවූ වෙළෙඳාමක රසවත් තොරතුරු හෙළිකරයි. එය නම් අලි-ඇතුන් වෙළෙඳාමයි.

‘ලංකාවෙන් ඉන්දියාව වෙතට අලි-ඇතුන් විකිණීමේ ජාවාරම සාර්ථකව සිදුකෙරිණි. වන්නි ප්‍රf්දශයේ ප්‍රධානීන් නොහොත් වන්නියර්වරුන්ට ස්වාධීනව සිටීමට අවසර ලැබුණේ ඔවුන් වාර්ෂික කප්පමක් වශයෙන් ලන්දේසින්ට නියමිත අලි-ඇතුන් සංඛ්‍යාවක් යැවීමේ කොන්දේසිය මතය. ලන්දේසි පාලකයන් විසින් මෙම සතුන් ඉන්දියාවේ බෙංගාලයේ ගොල්කොන්ඩා සහ තන්ජෝර්හි ගැනුම්කරුවන්ට විකුණා දැමූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අලි-ඇතුන් වෙළෙඳාම යාපනයේ ඔවුන්ගේ විශාලතම ආදායම් උත්පාදන මාර්ගය බවට පත්විය. අලි-ඇතුන් එකල අවශ්‍ය වූයේ බෙංගාලයේ සහ ගොල්කොන්ඩාවේ අරමුණු තුනක් සඳහාය. පන්සල් පෙරහැර, යුද සතුන් ලෙස සහ බර ඇදීම සඳහා එසේ සතුන් අවශ්‍ය විය. තන්ජෝර් රජුටද ඇතුන් තිදෙනකු ප්‍රදානය කර ඇත. මෙලෙස ලන්දේසි පාලකයන් විසින් වසරකට අලි-ඇතුන් සිය ගණනක් විකිණීම සිදුකරනු ලබයි…’

වසර 40කට වඩා දීර්ඝ කාලයකට පසුව ආරම්භ කෙරුණු යාපනයේ කන්කසන්තුරෙයි සිට දකුණු ඉන්දියාවේ නාගපට්ටිනම් වෙත යාත්‍රා කෙරුණු මුහුදු යාත්‍රා සේවය ගැනද මෙහිදී සඳහන් වෙයි.

‘දශක හතරකට පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බොහෝ දෙනා බලා සිටි තොටුපළ සේවාව මේ වසර මුලදී යළි ආරම්භ කරන විට එක් පැත්තකින් යාපනයේ උප නගරයක් වන කන්කසන්තුරෙයිද, අනෙක් පැත්තෙන් දකුණු ඉන්දියාවේ ඓතිහාසික නාගපට්ටිනම් වරායද තොටුපළ පර්යන්තයන් වීමට යෝග්‍ය විය. එසේම ශතවර්ෂ ගණනාවක් පුරා මෙය ඉන්දියානු අර්ධද්වීපය සහ අපගේ දිවයින අතර මිනිසුන්, භාණ්ඩ සහ අදහස් සංචලනය සඳහා ප්‍රධාන මාර්ගයක් විය. 17 වැනි සියවසේදී මෙම හුවමාරුව ඉහළ නැංවීමේ ගෞරවය අර්ධ වශයෙන් ලන්දේසින්ටද හිමිවෙයි. 1658දී ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගම නොහොත් VOC විසින් ලංකාව පෘතුගීසින්ගේ ග්‍රහණයෙන් උදුරා ගන්නා ලද්දේය. යාපනයේ උපායමාර්ගික සහ ආර්ථික වැදගත්කම මුලින්ම අවබෝධ කරගනු ලැබුවේ පෘතුගීසින් විසිනි. එසේ වුවද ඔවුන්ගේ බටහිර හා දකුණේ නියැළීම් නිසා සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් විය. එහෙත් ඉන් පසුව ලන්දේසින් විසින් යාපනය සහ දකුණු ඉන්දියාව අතර පැවැති අවිධිමත් ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කළා පමණක් නොව විධිමත්ද කළේය…’

ලන්දේසි ලංකාව නොහොත් Dutch Ceylon නමැති ලන්දේසි පාලනය එකල ආදි ලංකාව තුළ වසර 1640 සිට 1796 දක්වා වසර 156ක් පුරා පැවැතිණි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අයියා විදේශ රැකියා ඇමැතිකමේ සිටිද්දී රට යවනවා කියලා ලක්ෂ ගණන් වංචා කරපු මනූෂගේ මල්ලි අලුත් අවුරුද්ද ලබද්දීත් රිමාන්ඩ්! I Sri Lanka Latest News

Next Post

හොර ඔප්පුවකින් ගොඩනැගිල්ලක් බදුදීම! ඇමති වසන්ත සමරසිංහ සම්බන්ධ බදු ගනුදෙනුවේ සම්පූර්ණ වාර්තාවක් දෙන්න! මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.