රන් ආභරණ කොල්ලකන පුද්ගලයකු නිසා මාලබේ කහන්තොට ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව ඇත.
සැකකරු අවස්ථා කිහිපයකදීම එම ප්‍රදේශයේ නිවාස සහ වෙළෙඳසල් කිහිපයක් බිඳ, රන් භාණ්ඩ සහ මුදල් සොරගෙන ගොස් ඇති අතර, ඔහු මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූවකු බවද වාර්තා වේ.
පසුගියදා අදාළ සැකකරු කහන්තොට ප්‍රදේශයේ වෙළෙඳසලක සිටි කාන්තාවකගේ සහ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන් මාල කොල්ලකා ඇති අතර, එම අවස්ථාවේ CCTV දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත්ව ඇත.










