පසුගියදා පොලිසිය විසින් සමගි ජන බලවේගයේ පෙළපාලිය ඉලක්ක කර ටවුන් හෝල් ප්‍රදේශයේදී එල්ල කළ කදුලු ගෑස් ප්‍රහාරය හේතුවෙන් මහජන පුස්තකාලයේ චෙස් තරගාවලියකට සහභාගී වීමට පැමිණ සිටි කුඩා දරුවෝද මහත් අසීරුතාවට පත්ව සිටියහ.Sri Lanka Latest News
මෙහිදී මවුපියන් චෝදනා කළේ පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කළ නමුදු එය නොතකා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළ බවකි.
මේ හේතුවෙන් චෙස් තරගාවලියට පැමිණ සිටි දරුවන් මහත් අසීරුතාවට පත්ව හිස් ලූ ලූ අත දිව යනු දැකගන්නට ලැබිණු අතර මව්පියන්ද හඩා වැටෙන ආකාරයක් දැකගන්නට ලැබිණ.
මෙහිදී මහත් සැකයට තුඩු දුන් කරුණ වී ඇත්තේ මෙම දරුවන් විරෝධතාකරුවන් සහ පොලිසියට පසුපසින් සිටි අවස්ථාවේදීත් ඔවුන් ඉලක්ක කර කදූලු ගෑස් ප්‍රහාරයක් එල්ල වී තීබීමය.










