වයස අවුරුදු 60න් සියලුම රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගන්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය යෝජනාවක් ඉදිරිපත් කළද ඉන් මේ වනවිට වෛද්‍ය වෘත්තිකයන් සහ ඉංජිනේරුවරුන් ඉවත් කිරීමට ආණ්ඩුවේ යම් පිරිසක් සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ සදහා ජනාධිපතිවරයාට අතිශය හිතවත් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයකු මැදිහත්ව සිටින බවද දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් විපක්ෂයටද මේ වනවිට තොරතුරු ලැබී ඇති බව පැවසේ.
ඒ අනුව ඔවුන්ද ඉදිරියේදී මෙම දේශපාලන බලවතා සම්බන්ධයෙන් ජනතාවට කරුණු හෙළිදරව් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
එමෙන්ම ඉදිරියේදී මෙම තීරණය සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීමට දැනටමත් පිරිසක් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










