ආණ්ඩුව බාරගන්නා ලෙස ජනාධිපතිවරයා ආරාධනා කළද ආණ්ඩුවක් කිරීමට ජනතාව තම පක්ෂයට ජනවරමක් ලබා දී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්මමරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මහමැතිවරණයේදී සජබයට ලබා දුන්නේ මන්ත්‍රීවරුන් 54ක් බවත්, ඉනුත් මුස්ලිම් මන්ත්‍රීවරුන් 6 දෙනෙක් 20 වන සංශෝධනයට පක්ෂව ආණ්ඩුවට එක් වූ බවත්ය.
ව්‍යවස්ථාවට අනුව සජබය ඉදිරියේදී ජනවරමකින් ආණ්ඩුව පිහිටුවන බව කී ඒ මහතා විපක්ෂයේ කාර්යභාරය සංබය මැනවින් ඉටු කළ බවද කීය.










