මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින රන්ජන් රාමනායක මහතා ජන රැලිවලට සහභාගි වන්නේ හෙලිකොප්ටරයෙන් බැවින්, ඔහුට ඒ සඳහා මුදල් ලැබෙන්නේ ඩයස්පෝරාවෙන් බවට සැකයක් මතුවන බව අරුණලු ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජනක රත්නායක මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඊයේ (29) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී රත්නායක මහතා මේ බව සඳහන් කළා.









