ජිනීවාහි පැවති නිරායුධකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය දේශනය පවත්වමින් සිටින අතරවාරයේදී යුරෝපයේ සහ අනෙකුත් මිත්‍ර පාර්ශ්වීය රටවල නියෝජිතයින් සභා ගර්භයෙන් නැගිට ඉවතට යාම විශේෂ සිදුවීමක් විය.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළකරමින් යුරෝපය ඇතුළු මිත්‍ර පාර්ශ්වීය රටවල නියෝජිතයින් මෙම පියවර ගනු ලැබූ බව වාර්තා වේ.










