බංකොලොත් රටේ පළාත් පාලන ආයතන කොට්ඨාස මට්ටමින් පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කරන්න යන බවත් එයට හේතුව මැතිවරණ ඉලක්ක කර ගෙන දේශපාලනය කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)
පළාත් පාලන බල ප්‍රදේශ 341කට රුපියල් කෝටිය බැගින් වෙන් කරන්න යන බවත් මේ සදහා මිලියන 3410ක් වැය කරන්න යන බවත් රටේ පාසල්වලට සුහුරු පන්ති නොමැති වෙන අවස්ථාවේ මෙවැනි මුදල් තොගයක් නාස්ති කැන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 173 වැනි අදියර යටතේ අද කොළඹ කැස්බෑව මකුළුදූව නව ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.
මේ මුදල් උපයෝගී කර ගෙන සුහුරු පන්ති කාමර 3100ක් සකස් කළ හැකි බවත් පාසල් 3100කට සුහුරු පන්ති කාමර ලබා දිය හැකිව තිබියදී බංකොලොත් රටේ ණය ඩොලර් බි. 100ක් වී ඇති මොහොතක මෙවැනි මුදල් නාස්තියක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කවුරු අනුමැතිය දුන්නත් සමගි ජන බලවේග රජයක් තුළ මෙම මුදල් නැවත අධ්‍යපනයට දෙන බවත් මේවාට කිසිම රජයේ නිලධාරින්යෙක් මැදිහත් නොවන ලෙස අනතුරු අගවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම මේ කමිටු ආණ්ඩුකාරවරු හරහා තම ගෝලයන් යොදා මෙම කමිටු මෙහෙයවන බවත් මෙය ජාතික අපරාධයක් බවත් මේ සඳහා සමගි ජන බලවේගය විරුද්ධ බවත් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත නිත්‍යානුකූලව ගන්නා සෑම පියවරක්ම ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විදේශිකයන්ගෙන් ලැබෙන ඩොලර් ටිකත් මේ රජය පිටරට පටවනවා
එමෙන්ම අප රටට එන විදේශිකයන්ට වීසා ලබා දෙන ක්‍රමයේ වෙනසක් කර ඇති බවත් ඩොලර් 1ක තිිබූ වියදම වීආර්එස් නමින් විදේශීය ආයතන තුනකට ඩොලර් 18.50 ගානේ වීසා ලබා දෙන්න ගෙවා ඇති බවත් විදේශිකයන් ලක්ෂ ගණනක් එන බව කිව්වත් එම විදේශිකයන්ගෙන් වීසා වෙනුවෙන් රජය ඩොලර් මිලියන ගාණක් පිටරටට ලබා දෙන්න කටයුතු කර ඇති බවත් විදේශීකයන් ලක්ස 25ක් ආවොත් ඩොලර් මිලියන 46ක් වාර්ෂිකව ගෙවීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ මුදල්වලින් සුහුරු පන්තිකාමර 12200ක් සකස් කළ හැකි බවත් මෙය අදූරදර්ශී තීන්දුවක් බවත් අමනෝඥ අකාර්යක්ෂම ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වැඩ කරන්න මුදල් හොයන හැටි මං දන්නවා
බංකොලොත් රටක වැඩ කරන්න මුදල් කොහෙද කියා අහන්නේ වැඩ බැරි කයිවාරු කාරයන් බවත් තමාගේ පියා පවා එවැනි සේවාවක් ඉටු නොකළ බවත් තමා ඉදිරිපත් වන යෝජනා ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවේ මුදලින් නොව විදේශ ආධාර ප්‍රදානවලින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අධ්‍යාපනයේ නවීකරණයට විරුද්ධ වන්නේ කාඩ්බෝඩ් සමාජවාදීන්
අධ්‍යාපනයේ නවීකරණයට විරුද්ධ වන්නේ අන්ත සමාජවාදී කොමියුනිස්ට් කාරයන් බවත් ඔවුන්ගේ දරුවන් ඉගෙනුම ලබන්නේ පෞද්ගලික විද්‍යාවල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අධ්‍යාපනයට වැඩිපුර මුදල් වෙන් කිරීමෙන් පමණක් අධ්‍යාපනය ගොඩගත නොහැකි බවත් එම නිසා තවදුරටත් නොරැවටෙන ලෙසත් එක්වරක් රැවටුනොත් තවතවත් දුක් විඳින්නට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 173ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1902ක් වැය කර තිබේ.