• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වයසක උන්දැලා එක්ක මොන දේශපාලනේද? ලෝකෙම කියන්නෙ මොකක්ද මේ? Sri Lanka Latest News

March 29, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
වයසක උන්දැලා එක්ක මොන දේශපාලනේද? ලෝකෙම කියන්නෙ මොකක්ද මේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය දවසක ප්‍රංශ ජනාධිපති ‘එක්ස්’ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා යුරෝපයට බැහැ අවුරුදු 79ක වයස අයෙක් මත තීන්දු ගන්න කියලා. ඒ කතාව ඔහු කියලා ටික දවසකින් ඔබාමාත් මේ ගැන කියපු වීඩියෝවක් සංසරණය වුණා. වයසක අය ගන්න සමහර තීන්දුවලට තමන් එකඟ නැහැ කියලා.Sri Lanka Latest News

ඊළඟට සුද්දෝ විශ්‍රාම යන වයසක් හඳුන්වා දීලා තියෙන්නේ ඒ වයසෙන් පස්සේ තමන්ට හරියට ඔළුව වැඩකරන්නේ නැති නිසා. ඒක ලංකාවටද, යුරෝපයටද, ඇමෙරිකාවටද, එංගලන්තයටද, ඉන්දියාවටද, ඔස්ටේ්‍රලියාවටද, පාකිස්තානයටද සියලු රටවලට අදාළයි. මිනිස්සු තමන්ගේ නිසි වයසේදී තමන්ගේ වැඩකටයුතු නිම කරන්න ඕනේ.
අපි දන්නවා විශ්‍රාම ගියාට පස්සෙත් වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා, කරන්න පුළුවන් වැඩ තියෙනවා. විශ්‍රාම ගියාට පස්සේ තීන්දු ගැනීම සිද්ධ කරන්නේ නැහැ. අපි දන්නවා ගුවන් ගමන් පාලක වගේ තනතුරු ඉතා ඉක්මනට විශ්‍රාම යවනවා. අවුරුදු 60 වෙනකම් ඉන්නේ නැහැ. අඩු වයසකදී ඔවුන්ගේ කටයුතු නිම කරන්න සිද්ධ වෙනවා. සමහර රාජකාරිවලට අවුරුදු 40න් පස්සේ විශ්‍රාම යන්න යෝජනා කරනවා, අවුරුදු 50න් පස්සේ විශ්‍රාම යන්න යෝජනා කරනවා.

අවුරුදු 70, 80 පැන්නට පස්සේ ඒගොල්ලෝ හිතුවක්කාරයි. අපි ගම්වල කියන්නේ පොඩි ළමයි වගේ කියලා. ඒගොල්ලෝ හිතනවා අපි තමයි හරිම කියලා. ඒගොල්ලන්ගේ අභිමතය, ආශාවන්, වුවමනාවන් ඉෂ්ට කරන්න ඒගොල්ලෝ වෙහෙස වෙනවා. ඉතින් මේ සියල්ලම ලෝකයට අදාළයි.

දැන් ඔබාමලා පවා කියන විදිහට අද වෙද්දී මේ මුළු ලෝකෙම ගිනි අරගෙන තියෙන්නේ වයසක මනුස්සයෙකුගේ උන්මත්තක සිතුවිලි මත. ඔහු තමයි මේක කියන්නේ, ඔහු තමයි මේ යෝජනා කරන්නේ, ඔහු තමයි බොරු කියමින් සමහර දේවල්වලදී ඔහු තනිකරම ම්ලේච්ඡ සිතුවිලි මතුකරමින්, සමහර අවස්ථාවලදී ඔහු අතිශය හිතුවක්කාරී කතන්දර කියමින් මේ වැඩේ කරගෙන යන්නේ.

අපේ රටෙත් ප්ලේන් ටී එක ගණන් ගියා, අපේ රටෙත් බනිස් ගෙඩිය ගණන් ගියා, අපේ රටට එක දවසක් නිවාඩු දෙන්න සිද්ධ වුණා. අපේ තෙල් ගණන් ගියා, අපේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරුව යාගෙන එන්නේ. අපේ සියලු දේවල් සිද්ධ වෙන්නේ මේ ලෝකේ ඉන්න එක වයසක මනුස්සයෙකුගේ අඳබාල සිතුවිලි නිසා. ඒකට වගකියන්න ඕනේ ඇමෙරිකාව. මොකද සුද්දා විශ්‍රාම යන වයසක් හඳුන්වා දීලා තියෙද්දිත් ඒගොල්ලෝ මේ වයසක මනුස්සයාව පුටුවේ ඉන්දෙව්වා. අපි දන්නවා ඇමෙරිකාව හැමදාම මේ වගේ හිතුවක්කාර වැඩ කරනවා, මෝඩ වැඩ කරනවා.

ලෝකේ බොහෝ රටවල අද වෙද්දී උගත් තරුණ නායකයෝ ජනාධිපතිවරුන් බවට පත්වෙලා තියෙනවා. ඒගොල්ලෝ එහෙම පත්වෙලා මැක්‍රෝන් වගේ කට්ටිය ගෞරවනීය තීන්දු ගනිමින් ඉන්නවා. ඒගොල්ලෝ හිතුවක්කාර නැහැ, ඒගොල්ලෝ හිතනවා, ඒගොල්ලෝ කල්පනා කරනවා, ඒගොල්ලෝ සමහර දේවල්වලදී අඩියක් පස්සට ගන්නවා. ඒගොල්ලෝ තමන් ගාව ඉන්න උගතුන්ට අවස්ථාව ලබාදීලා තියෙනවා.

ලෝකේ එහෙම තරුණ නායකයෝ ඉන්න රටක් විදිහට ශ්‍රී ලංකාවත් හඳුන්වා දෙන්න පුළුවන්. ඒක අපිට ආඩම්බර වෙන්න පුළුවන් තත්ත්වයක්. ලංකාවේ ඉන්න ජනාධිපතිවරයත් අතිශය තරුණ කෙනෙක්. මොකද ලංකාවේ ඇත්තටම මෙච්චර කල් පත්වුණු සමහර ජනාධිපතිවරුන්ට සාපේක්ෂව ගත්තම ඔහු තරුණයි. කෙනෙක්ට කියන්න පුළුවන් ලංකාවේ ජනාධිපති කොහොමද එච්චර තරුණ වෙන්නේ කියලා. තරුණයි කියලා කියන්නේ අවුරුදු 20, 25 කියන එක නෙමෙයි.

ඔබ දන්නවාද ලෝකේ ළාබාල රාජ්‍ය නායකයෝ හිටපු රටවල් තියෙනවා.
ඉබ්‍රහිම් ට්‍රෝරේ, බර්කිනා ෆාසෝවල රාජ්‍ය නායකයා. ඔහුගේ වයස අවුරුදු 38යි. ඔහු තමයි දැනට ලෝකෙ ඉන්න ළාබාලම රාජ්‍ය නායකයා විදියට සලකන්නේ. ඒ වගේම ඩැනියෙල් නොබෝවා. ඉක්වදෝරයේ රාජ්‍ය නායකයා. වයස අවුරුදු 38යි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වුණු පාලකයෙක්. ඒ වගේම යාකොව් මිලාටොවිච්, මොන්ටිනිග්‍රෝ රාජ්‍යයේ නායකයා. වයස අවුරුදු 39යි. ගේබි්‍රයෙල් බොරික්, චිලියේ රාජ්‍ය නායකයා. වයස අවුරුදු 39යි ඔහුට. ඔහු චිලී රාජ්‍යයේ මෙතෙක් පත්වෙච්ච ළාබාලතම රාජ්‍ය නායකයා. රොබ් ජෙටන්, ඔහු නෙදර්ලන්තයේ ජනාධිපතිවරයා. වයස අවුරුදු 38යි. ඒ වගේම මහමත් ඩෙබි, චැඩ් රාජ්‍යයේ නායකයා. ඒ වගේම මොහොමඩ් බින් සල්මන්. වයස අවුරුදු 40යි. ඔහු සෞදියේ ඔටුන්න හිමි කුමරා සහ අග්‍රාමාත්‍යවරයා විදියට කටයුතු කරනවා. ඒ වගේම කොසෝවා රාජ්‍යයේ අවුරුදු 43ක ජනාධිපතිනියක් ඉන්නවා. ඇය වියෝසා ඔස්මානි.
මේ විදිහට ලෝකයේ අවුරුදු 60ට අඩු ඉතාම තරුණ වයසේ රාජ්‍ය නායකයෝ බොහෝ විට ඉන්නවා. දැන් අපි දන්නවා වයස අවුරුදු 60ට වැඩි පාලකයන් ලෝකේ ගොඩක් රටවල ඉන්න බව. නමුත් ලෝකය වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුළුවන්, වෙනස් විදිහට හිතන්න පුළුවන්, වෙනස් ඇසක් තියෙන, වෙනස් සිතුවිලි තියෙන කෙනෙකුට කියලා අපි විශ්වාස කරනවා.

ඔබ පසුගිය කාලේ දකින මේ අතිශය භයානක, නීච, තුච්ඡ ප්‍රහාර පිටිපස්සේ තියෙන්නේ මේ වයසක මහල්ලෙක්ගේ උද්ධච්ච සිතුවිලි කියන එක ඔබ විශ්වාස කරනවාද කියලා මම දන්නේ නැහැ. ලෝකය බලාපොරොත්තු වෙන්නේ එහෙම පාලකයන්ගේ උද්ධච්ච සිතුවිලි අනුව රටක් පාලනය වෙනවා දැකීම නෙමෙයි.

මේක ලංකාවටත් අදාළයි. ලංකාවත් මතක තියාගන්න ඕනේ වයසක මහල්ලෙක් ජනාධිපති කරනවාද, එහෙම නැත්නම් උගත් තරුණයෙක් ජනාධිපති කරනවාද කියන එක. තරුණයා කියලා අපි අදහස් කරන්නේ අවුරුදු 30ද, 35ද, 40ද කෙනෙක් නෙමෙයි. අඩුම තරමේ අවුරුදු 60ටවත් අඩු, අවුරුදු 50 ගණන්වල කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔහුට හිතන්න පුළුවන් වෙන්න ඕනේ, ඔහුට කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රාජ්‍ය පරිපාලනයට පිටින් නිලධාරීන් 73කට කෝටි තුනක් ගෙවලා! I Sri Lanka Latest News

Next Post

පාදෙණියලගෙ කමිටුව එපාවුණු රටේ හාන්ස්ලගෙ කමිටුව හාන්සි වෙයිද? Sri Lanka Latest News

MORE NEWS

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

Load More
මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

පොහොර නැතිව වී අස්වැන්න අවදානමේ: ප්‍රශ්න මැද ලබා ගත් අස්වැන්නටත් නිසි මිලක් නෑ! - "නිදහස ගත්තට පස්සෙ මොනම ආණ්ඩුවක්වත් කෙලියෙ...

Read more
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.