ෆෝචුට් ජෙනරල් නැමැති අරාබි සමාගමකින් තෙල් ගෙන ඒමට ආණ්ඩුව කැබිනට් පත්රිකාවක් යොමු කොට ඇති බව, එම සමාගමට වෙබ් අඩවියක් හෝ නොමැති බවත්, සේවකයන් 4 දෙනකු පමණක් එම සමාගමේ සේවය කරන බවත් හරීන් ප්රනාන්දු මහතා කීය.
මෙහිදී ඩොලර්වලින් 50%කුත්, රුපියල්වලින් 50%කුත් ගෙවිය යුතු බවත්, මෙය අමුම අමු දූෂිත ගනුදෙනුවක් බවත් ඒ මහතා කියා සිටියේය.
මෙච්චර මිනිසුන් දුක් විදිද්දී ආණ්ඩුවේ ඇතැමුන් නීච අයුරීන් ධනය උපයන බවද ඒ මහතා කීය.










