ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ දෙරණ නාලිකවේ දේශපාලන වැඩසටහන සම්බන්ධ වී සිටි අතර මාධ්‍යවේදියා කරනු ලැබූ ප්‍රශ්න කිරීම් හේතුවෙන් යම් අලහසුතාවයකට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණ.Sri Lanka Latest News
එහිදී සජබ-මාලිමා ආර්ථික විවාදය සම්බන්ධයෙන් මාධ්‍යවේදියා ප්‍රශ්න කර සිටියදී අනුර දිසානායක මහතා කියා සිටියේ සජිත් සහ සජබ ආර්ථික කමිටුවේ හර්ෂ-ඉරාන් අතර පරස්පරයක් පවතින බැවින් මුලින්ම සජිත් සමග විවාද කොට ඔහුගේ ස්ථාවරය දැනගත යුතු බවකි.
පසුව මාධ්‍යවේදියා කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන් යම් යම් ස්ථානවල කළ ප්‍රකාශ ගෙනහැර දක්වමින් පක්ෂ නායක අනුරගේ සහ ඔවුන්ගේ අදහස්වල පරස්පරතාවයන් පිළිබදව පැහැදිලි කිරීමක් කළේය.
ඒ අනුව අදාළ පැහැදිලි කිරීමෙන් අනුර කුමාර දිසානායක මහතා යම් අපහසුතාවයකට පත්වෙද්දී නැවත මාධ්‍යවේදියා විමසා සිටියේ එසේ නම් සජිත් සහ හර්ෂ-ඉරාන් ඇතුලු කණ්ඩායම් අතරද පරස්පරතාවයන් තිබිය නොහැකිද යැයි කියාය.
එහිදී අනුර දිසානායක මහතා සිනාසෙමින් සිටි ආකාරයක් දැකගත හැකි විය.