• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අසාද්ගේ සයිද්නායා වගේ වධකාගාරයක් අපෙත් තිබුණා! නම බටලන්ද! Sri Lanka Latest News

December 22, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
අසාද්ගේ සයිද්නායා වගේ වධකාගාරයක් අපෙත් තිබුණා! නම බටලන්ද! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘හිටපු නිලධාරියකු ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙත පවසා තිබුණේ, 2011 වසරෙන් පසුව සයිද්නායා බන්ධනාගාරය සිරියාවේ ප්‍රධාන දේශපාලන බන්ධනාගාරය බවට පත්වූ බවය. (Sri Lanka Latest News)

එමෙන්ම, හිටපු සිරකරුවන්ගේ සාක්ෂිද උපුටා දක්වමින්, එම සංවිධානය පවසන්නේ, බන්ධනාගාරයේ රතු ගොඩනැගිල්ලේ රඳවා සිටින පුද්ගලයන් දැඩි ලෙස පහරදීම්වලට, ලිංගික හිංසනවලට සහ ආහාර හා ඖෂධ ලබානොදීම ආදී විවිධ වධහිංසාවලට නිතර ලක්කෙරුණු බවය.

ඇම්නෙස්ටි සංවිධානය හා සම්බන්ධ වූවන්ට අනුව, ධවල ගොඩනැගිල්ලට යටින් ‘මරණ දඬුවම දෙන කාමරයක්’ පිහිටා තිබේ. රතු ගොඩනැගිල්ලේ රඳවා සිටි රැඳවියන් එල්ලා මැරීම සඳහා එහි ගෙනැවිත් ඇත.

හිටපු ආරක්ෂකයකු පැවැසුවේ, රතු ගොඩනැගිල්ලේ සිටින්නන්ගෙන්, මරණ දඬුවමට ලක් කළයුතු අයගේ ලැයිස්තුවක් දිවා ආහාරය පැවැති වේලාවට ලැබෙන බවය. පසුව සොල්දාදුවන් විසින් මරණය සඳහා නියම කර ඇති සිරකරුවන් පහළම මාලයේ සිර මැදිරියකට ගෙනයනු ඇත. ඇතැම් විට එම ලැයිස්තුව පුද්ගලයින් 100 දෙනකු පමණ දක්වා දිගු වේ. එහිදී ඔවුහු පහරදීම්වලට ලක්වෙති.

එල්ලා මරාදැමීමට සකස් කළ පෝරක 10ක් සහිත මීටරයක් උස වේදිකාව මතට ගෙනයාමට පෙර, ඇස් බඳින ලද රැඳවියන්ව ධවල ගොඩනැගිල්ලේ ගිනිකොන දිග කොටසේ වූ පඩිපෙළකින් පහළ වූ ‘මරණ දඬුවම් කාමරයට’ ගෙනයනු ලබයි.

ඇම්නෙස්ටි සංවිධානය පවසන පරිදි, 2012 දී මෙම කාමරය විශාල කරන ලද අතර, තවත් පෝරක 20ක් සහිතව දෙවන වේදිකාවක් ඉදිකෙරී තිබේ. පාලන තන්ත්‍රය බිඳවැටීමෙන් පසුව කැරැලිකරුවන්ට අයත් මාධ්‍ය ඔස්සේ, සටන්කාමීන් විසින් සයිද්නායාහි තිබී සොයාගත් උගුල් විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරිණි.

2011 සිට 2018 දක්වා කාලය තුළ වධහිංසා පැමිණවීම, වෛද්‍ය ප්‍රතිකාර නොමැති වීම හෝ සාගින්න හේතුවෙන් රැඳවියන් 30,000කට අධික පිරිසක් මරණයට පත්වී හෝ මරණයට පත්කර ඇති බවට මානව හිමිකම් කණ්ඩායම් ඇස්තමේන්තු කර ඇත. නිදහස් කරන ලද රැඳවියන් කිහිප දෙනකුගේ ප්‍රකාශ උපුටා දක්වමින්, සයිද්නායා බන්ධනාගාරයේ අතුරුදන් වූවන්ගේ සහ රැඳවියන්ගේ සංගමය (්ඵෘීඡ) 2022 දී පැවැසුවේ, 2018 සිට 2021 දක්වා කාලය තුළ අවම වශයෙන් තවත් රැඳවියන් 500කටවත් මරණ දඬුවම දී ඇති බවය.

2017 වසරේදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඝාතනයට ලක්වූ සිරකරුවන්ගේ සිරුරු බැහැර කිරීම සඳහා බලධාරීන් විසින් එම ස්ථානයේ ආදාහනාගාරයක් ඉදිකරනු ලැබ ඇති බවය.

රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු පැවැසුවේ, නිලධාරීන් මෙම මධ්‍යස්ථානය ඉදිකර ඇත්තේ, සයිද්නායා බන්ධනාගාරයේ සිදුවන සමූහ මිනීමැරුම් වසන් කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස බවය.

ඇමෙරිකානු විමර්ශකයන් නිකුත් කරන ලද චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන කුඩා ගොඩනැගිල්ල, ආදාහනාගාරයක් බවට පරිවර්තනය කරන ලද ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ලේ වහලය මත හිම දියවී තිබීම මෙම නිගමනය සනාථ කිරීමට හේතු වූ බවද ඔවුන් සඳහන් කර තිබේ.

එමෙන්ම, අවම වශයෙන් දිනකට සිරකරුවන් 50 දෙනකු මෙම බන්ධනාගාරයේදී එල්ලා මරාදමනු ලැබූ බවත් ප්‍රකාශ කර තිබේ.’

මේ, ඒකාධිපති පාලකයකු වූ සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් ජනතා නැගිටීම හමුවේ රුසියාවට පලායෑමෙන් පසු ඔහු විසින් පවත්වාගෙන ගිය සයිද්යානා වධකාගාරය පිළිබඳ බීබීසීය පළකළ වාර්තාවය. එමෙන්ම මේ දිනවල සී.එන්.එන්., අල් ජසීරා, බී.බී.සී. වැනි මාධ්‍ය බලද්දී නිතරම පළවන්නේ අම්මලා, තාත්තලා අඬ අඬා ගොස් තමන්ගේ දරුවන් එම වධකාගාරයේ ඉන්නවා දැයි සොයන අති සංවේදී දසුන්ය. ඇතැම් මවුවරුන් තම දරුවන් පුච්චා මරාදමා ඇති බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කරන අයුරුද දැකගන්නට පුළුවන.

මෙවැනි ලිපි සහ කතා මාධ්‍ය මගින් පළකිරීමෙන් පසු ලෝකවාසී ජනතාව ඒවා රස කර කර කියෙව්වාට ලංකාවට මේ වධකාගාර සංස්කෘතිය අලුත් කරුණක් නොවේ. ඇතැම් අවස්ථාවලදී ඒකාධිපති පාලකයකු වූ බෂාර් අල් අසාද් පවා මේ වධකාගාර සංස්කෘතිය පිළිබඳ ලංකාවෙන් ඉගෙනගත්තාදෝයි සිතෙන තරමට වධක සංස්කෘතියක් අතීතයේ ලංකාවේ තිබිණි.

ඒ අතින් ගත් විට ලංකාවේ ප්‍රකටම වධකාගාරය ලෙස කිසිදු විවාදයකින් තොරව හැඳින්වෙන්නේ බටලන්ද වධකාගාරයය. ඒ හරහා චෝදනා එල්ල වූයේ වෙන කාටවත් නොව, එකල හිටපු අමාත්‍යවරයකු වූ රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ ටීම් එකටය. එදා චන්ද්‍රිකාලා බලයට පත්වූයේ රනිල්ගේ මේ බටලන්ද වධකාගාරය ගැන රටට තොරතුරු කියමින්ය. ඒවා එසේ මෙසේ තොරතුරු නොව, අසද්දී පවා ඇඟේ මවිල් කෙළින් වන ආකාරයේ හෙළිදරව්ය. පසුව චන්ද්‍රිකාගේ සමයේදී බටලන්ද ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පවා පත්කළ අතර, සාක්ෂි දීම සඳහා රනිල්ද ඊට කැඳවූයේය. නමුත් රනිල් චන්ද්‍රිකා සමග නිතර නිතර කළු කෝපි බීම නිසාදෝ අදටත් එම ජනාධිපති කොමිෂන් වාර්තාවන්ට සිදුවූයේ කුමක්දැයි යන්න ගැන විස්තර නැත.

88-89 භීෂණ සමයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ වධකාගාරයක් පවත්වාගෙන ගිය බවටද කටකතා තිබිණි. නමුත් බටලන්ද තරම් එය ප්‍රසිද්ධ වූයේ නැත. එකල බටලන්ද ගැන ප්‍රසිද්ධම කතාව වූයේ නීතිඥ විජයදාස ලියනාරච්චි පැහැරගෙන ගොස් කෙළින්ම බටලන්දට රැගෙන ආ පුවතය. එකල අත්අඩංගුවට ගත් ජවිපෙ සාමාජිකයන් වෙනුවෙන් එළිපිට පෙනී සිටියේ නීතිඥ විජයදාස ලියනාරච්චිය. ඔවුන්ගේ නඩුවලට කතා කළේ ඔහුය. ජවිපෙ මර්දනය ජාත්‍යන්තරයට රැගෙන ගියේ විජයදාසය. නමුත් අවසානයේදී බටලන්දට ගෙන ආ පසු විජයදාස ගැන තොරතුරක් නොවීය.

බටලන්ද වධකාගාරයේ දෙන වධ හිංසා පිළිබඳ විවිධ තොරතුරු එකල කියවිණි. සමහරු කිව්වේ එහි එල්ලා පහරදෙනවා යැයි කියාය. ඇඟිලි කපනවා යැයි කියාය. ස්ත්‍රික්කවලින් සම පුච්චනවා යැයි කියාය. තවත් සමහරු කීවේ ඇසිඩ් ටැංකිවල බහා පුද්ගලයන් මරාදමනවා යැයි කියාය.

මෑතකදී වාරණ ජයකොඩි නමින් ලියන ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ජනාධිපතිවරණයට පෙර තමන් බටලන්දේදී දුටු අත්දැකීම් පිළිබඳ විශේෂ හෙළිදරව්වක් සිදුකොට තිබිණි. එකල ඔහු ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ අයෙකි. අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුව ගෙනගොස් තිබුණේ බටලන්දටය. එහිදී ඔහු තමන්ව පැහැරගත් පුද්ගලයන් පිළිබඳවත්, තමන්ට වධ දුන් ආකාරය පිළිබඳවත්, ඇස් පනාපිට මිනිසුන් මරාදැමූ ආකාරය පිළිබඳවත් විශාල හෙළිදරව්වක් කළේය.

මීට අමතරව බටලන්ද වධකාගාරයට ලිංගික වධ හිංසා සම්බන්ධ ප්‍රබල චෝදනාවක්ද එල්ල වී තිබිණි. යම් යම් නිලධාරීන් බටලන්දේ සිටි රැඳවියන්ව සිය කාමුක ආශාවන් සන්තර්පනය කරගැනීම සඳහා නින්දිත අයුරින් යොදාගත් බවටද චෝදනා එල්ල වී තිබිණි. එමෙන්ම ජේ.ආර්.ගේ පාලන සමයේදී ඊශ්‍රායලය සමග සමීප සබඳතා තිබූ බැවින් මෙම බටලන්ද වධකාගාරය ඊශ්‍රායල් මොඩලයට නිර්මාණය කළ එකක් බවටද චෝදනා එල්ල වී තිබිණි.

අදටත් සමහරු කියන්නේ විජේවීරගේ අවසානය සිදුවූයේ බටලන්ද වධකාගාරය නිසා යැයි කියාය. බටලන්දට ගෙන ආ අයෙක් විජේවීර ගැන ඔත්තුව දුන්නා යැයි කියාය. හැබැයි ඒ කතාව වැරැදිය. විජේවීර ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වුණේ ඉතා අහඹු සිදුවීමක් නිසාය. ඒ, දේශපාලන මණ්ඩල සාමාජිකයෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුවූ ක්‍රියාවලියක් හරහාය.

කෙසේ වෙතත් එදා චන්ද්‍රිකාලා පවිත්‍රාලා බලයට ආවේ මේ බටලන්ද ගැන රස කතා කියමිනි. සූරියකන්දේ ඇටකටු පෙන්වමිනි. මහින්ද බලයට ආවේත් බටලන්ද ගැන ලොකුවට කෑගසමිනි. හැබැයි චන්ද්‍රිකා වගේම මහින්දත් කවදාවත් බටලන්ද ගැන හොයන්න ගියේ නැත. ඒ, චන්ද්‍රිකා වගේම මහින්දත් රනිල් එක්ක කළු කෝපි බීපු නිසාදැයි කියන්න දන්නේ නැත.

ඒ කොයිහැටි වෙතත් වත්මන් සිරියානු පාලනය නම් බෂාර් අල් අසාද්ගේ සයිද්නායා වධකාගාරය ගැන හොයන්න පටන් අරගෙන තිබේ. දැනටමත් ඒ ගැන විශාල සාක්ෂි ප්‍රමාණයක් ඔවුන් එකතු කරගෙන ඇත. ඒ හරහා අලුත් සිරියානු පාලනය සූදානම් වන්නේ අසාද්ට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනුකිරීමටය.

සයිද්නායා වගේම බටලන්ද වධකාගාරය ගැනද ඕනෑවටත් වඩා සාක්ෂි රට ඇතුළේ තිබේ. ඒ වගේම බටලන්ද ගැන හොයනවා නම් ඒ විදියට හොයන්න අයිතියක් තියෙන ආණ්ඩුවක් මේ වනවිට රටේ බලයට පත්ව තිබේ. මොකද හැමෝම දන්නා විදියට බටලන්දේදී මියගියේ, බරපතළ වධහිංසාවට ලක්වුණේ ජේ.වී.පී. සාමාජිකයන්ය. ඒ වධහිංසාවට ලක්වූ ගොන්නෙන් ඉතිරිව සිටින ජවිපෙ සාමාජිකයෝද තවමත් ජීවත්ව සිටිති. ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් ඒ නම් ගොන්නේ ඉදිරියෙන්ම සිටින අයෙකි. ඒ නිසා චන්ද්‍රිකාත් මහින්දත් හැංගූ බටලන්දේ ජනාධිපති කොමිෂන් වාර්තාව එළියට ගැනීම ටිල්වින්ලාගේ වගකීමය. ඒ කොමිෂන් වාර්තාවට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම ටිල්වින්ලාගේ වගකීමය.

පහුගිය කාලයේදී අනුර – රනිල් ඩීල් එකක් ගැන රට ඇතුළේ විශාල සංවාදයක් තිබිණි. රනිල් – අනුර එකතු වී සජිත් පරාජය කළ බවද කියවිණි. ඒ නිසා එම කටකතාවලින් ගැළවෙන්නට අනුරට තියෙන හොඳම අවස්ථාව මේකය. ඒ වගේම බටලන්ද වධකාගාරයේදී මියගිය ජවිපෙ සාමාජිකයන්ගේ ආත්මවලට සැනසීම ලබාදීමට ඔවුන්ගේ අතට ආ හොඳම අවස්ථාවද මේකය. ඒ නිසා බටලන්දක් යළි මේ රටේ ඇති නොවෙන්න වැඩ කරන්න ජවිපෙ සාමාජිකයන්ගේ ඔළු පෑදේවා.

SendShareShare
Previous Post

225ම සුදුසුකම් හෙළිකරනු! හොරු-බොරු අල්ලන්න ලෑස්ති වෙන්න! I Sri Lanka Latest News

Next Post

හරිනි ඔයා කෝ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.