ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසියේ රජයේ ආයතන නිරීක්ෂණ කිරීමට ගිය බව පසුගිය කාලයේ ප්‍රවෘත්ති පළවුනා.
ඉන් ප්‍රකාශ වුණේ ජනාධිපතිවරයා පූර්ව දැනුම් දීමකින් තොරව එම ආයතන වෙත පැමිණෙන බවයි.
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, කොළඹ මහා රෝහල, විදේශ සේවා නියුක්ති කාර්යාංශය එවැනි ආයතන අතරින් කිහිපයක්.
එහෙත් එය එසේ නොවන බව කියවෙන ලිපියක් නිකුත්වී තිබෙනවා.
මධ්‍යම පරිසර අධිකාරියේ මානව සම්පත් සංවර්ධන, පරිපාලන හා මුදල් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වන කේ. ජී. ටී. එන්. කිරිඇල්ල විසිනුයි එම ලිපිය නිකුත් කර තිබෙන්නේ.
CEA/ HRD/ COVID/ 2021 දරන අංකය යටතේ 30 දිනැතිව එම ලිපියෙන් දැක්වෙන්නේ අප්‍රේල් 01 වෙනිදා, සිකුරාදා දින ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා එන බවයි.
එම නිසා ආයතනයේ කාර්යය මණ්ඩලය බූස්ටර් එන්නත ලබා ගැනීමත්, මාර්තු 31 දින ලබා ගන්නා අන්ටිජන් පරික්ෂා වාර්තාවත් ළඟ තබා ගන්නා ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වන කේ. ජී. ටී. එන්. කිරිඇල්ල විසින් අංශ ප්‍රධානින් වෙත යොමු කළ ලිපියේ සඳහන් වෙනවා.










