පොහොර ප්‍රශ්නය නිසා මේ වනවිට ඇමැතිවරුන් ගොවීන්ගෙන් බැනුම් අසන බවත්, ඇමැතිවරුන් ඒ නිසා ගොවීන් ළගට නොයන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම උද්ඝෝෂණ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත්, දැන් ඊට ආණ්ඩුවත් සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්ව සිටින බවයි.
කෙසේවෙතත් මේවාට වියදම් කරන්නේ රසායනික පොහොර සමාගම් බවත් අමාත්‍යවරයා කීය.










