• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිට කතා කරන්න දෙන්නේ නෑ! ඩලස්ලා දෙවන පියවර තබයි! අයිතිය ඉල්ලා ලෝකෙ වටේටම ලියුම් යවයි!

September 22, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇතුළේ කතා කරන්න වෙලාව නොදෙන නිසා ඩලස්ලා පාර්ලිමේන්තුවෙන් එළියේ ක්‍රීඩාපිටියේ කතා කරයි! (VIDEOS)
Share on WhatsAppShare on Facebook

තමන් ඇතුලු 13 දෙනාට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මහජන නියෝජිතයන් ලෙස අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධව පොහොට්ටු සභාපති ජී.එල්. පීරිස් මහතා විසින් දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය (SAARC) මහලේකම් ඇසළ රුවන් වීරකෝන්, පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ මහා ලේකම් ස්ටීවන් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් වෙත ලිපියක් යොමුකර ඇත.

එම ලිපිය මෙසේය.

“ඔබ හොඳින් දන්නා පරිදි, ගැඹුරු ලෙස පැලපදියම් වී ඇති ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායය යනු අපගේ රටට ආවේනික ශක්තීන් අතරින් එකකි. විශ්වව්‍යාප්ත ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තබා ඇති සිය නොබිඳි වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකාවට ප්‍රමාණාත්මක වශයෙන් ආඩම්බර විය හැකි අතර, ස්වාධීන දේශයක් ලෙස නැගී සිටීමට පෙර සිටම පවා අප ජනතාව එයින් ඵල ලබා ඇත.

අදාළ නීතිරීතිවලට අනුකූල වන පරිදි නිසිකාලයට පැවැත්වෙන නිදහස් හා සාධාරණ මැතිවරණවලදී රජයයන් වෙනස්කිරීමට හෝ නැවත තෝරාපත්කර ගැනීමට තමන්ට ඇති අයිතිය අප රටේ ඡන්දදායකයින් විසින් මහත් ඕනෑකමින් ආරක්ෂා කරගනු ලැබ ඇත.

මෙම අයිතියෙහි අත්‍යවශ්‍ය අංගයක් වන්නේ ව්‍යවස්ථායකයේ රැස්වීම්වලට සහභාගිවීමට සහ ව්‍යවස්ථායක කටයුතුවල අවශ්‍ය අංගයක් වන කමිටු ක්‍රියාකාරිත්වයන්ද ඇතුළු එහි ක්‍රියාකාරිත්වයන්වලට නිදහසේ සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති හැකියාවය. සාමකාමී සාකච්ඡා සඳහා සුදුසු වටාපිටාවක් සහිතව පාර්ලිමේන්තුව තුළදී පළ කෙරෙන විවිධ අදහස් ව්‍යවස්ථාදායකයේ මනා කාර්යසාධනයට අතිශයින්ම අත්‍යවශ්‍ය වන බව පිළිගත යුතුය.

සතියකට ඉහතදී කැනඩාවේ, හැලිෆැක්ස් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගම් රැස්වීමේදී අවධාරණයෙන් යුතුව යළි තහවුරු කරන ලද මෙම වටිනාකම් පිළිබඳ කරුණු පසුතලය කොටගෙන, අප රටෙහි මෑතකදී ඇතිවූ, දැඩි සැලකිල්ල යොමුකළ යුතු වන තත්ත්වයන් කිහිපයක් ඔබතුමාගේ අවධානය පිණිස අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

මෙම ලිපිය අත්සන් කරන සියලු දෙනා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීරුන් වන අතර, අප අතරින් කිහිප දෙනෙක් විදේශ කටයුතු, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ මාධ්‍ය ඇතුළු අමාත්‍ය ධුර ඇතුළුව ශ්‍රී ලංකා රජයේ වැදගත් තනතුරු මෙන්ම, සෙසු විෂය ක්ෂේත්‍ර අතර පොදු මූල්‍ය පාලනය හා සම්බන්ධ අතිශය තීරණාත්මක පාර්ලිමේන්තු කමිටුවල නායකත්ව තනතුරුද දරා ඇත.

අප සියලුදෙනා විසින් දැඩි කැපවීමෙන් සහ වෙහෙසින් යුතුව සක්‍රිය කාර්යභාරයක් ඉටුකරන ලද, 2020 වසරේ අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස හැඳින්වෙන අපගේ දේශපාලන පක්ෂය පාර්ලිමේන්තුවේ සමස්ත ආසන 225 අතරින් 143ක් හිමිකර ගනිමින් ශක්තිමත් පරිපාලනයක් ගොඩනැගීය. අවාසනාවකට මෙන්, පක්ෂයේ කණ්ඩායමේ එක් කොටසක් විසින් මහජන මතය විකෘති වන ආකාරයෙන් අවභාවිත කරනු ලැබීමෙන් ජනරජයේ ජනාධිපතිවරයා පභත් ලෙස පරාජයට පත්වූ පක්‍ෂයක නායකයා බවට පත්වූ අතර , මැතිවරණවලදී දැඩි ප්‍රතිරෝධතාවක් ගොඩනගමින් ඔහුට විරෝධතාව පළකළ අපි බහුතර අනුමැතිය ඡන්දදායකයින් වෙත රඳවා තබාගත්තෙමු.

යහපත් පාර්ලිමේන්තු සහ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදයේ නින්දාශීලී ස්වභාවයක් නිරූපණය කරන, ප්‍රජාතාන්ත්‍රික ලෝකයේ කිසිදු තැනක සිදුනොවන ආකාරයේ සිද්ධි දාමයකින් අනතුරුව පාලක පක්ෂය තුළම ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම සඳහා අපි සාමූහික තීරණයකට එළැඹුණෙමු. එවැනි තීරණයක් ගැනීම සඳහා වූ හේතු කාරණා හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයකු මෙන්ම නීති විෂය පිළිබඳ ගෞරවාන්විත මහාචාර්යවරයකුද වන මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් අගෝස්තු 31 වැනි දින පාර්ලිමේන්තුවේදී සංක්ෂිප්තව ඉදිරිපත් කරනු ලැබිණි.

මේ වනවිට අප සියලුදෙනාට මුහුණදීමට සිදුව ඇති කනගාටුදායක තත්ත්වය වන්නේ කලින් මෙන් පාර්ලිමේන්තු සභාගර්භයේදී කතාකිරීමට සහ කමිටු කටයුතුවලට සම්බන්ධවීමට කිසිදු අවස්ථාවක් අපට නොලැබී තිබීමය. මෑත කාලයේදී පක්ෂය සමඟ පැවති සිය සබඳතා සම්බන්ධයෙන් එවැනිම ආකාරයෙන් කටයුතු කිරීමට පියවර ගෙන ඇති සෙසු පිරිස්වලට මුළුමනින්ම වෙනස් ආකාරයේ සැලකිල්ලක් දක්වන තත්ත්වයක් උද්ගතව ඇත්තේ බරපතළ ආකාරයේ අසාධාරණයක් සිදුවන පරිදිය.

මූලික ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායයන් උල්ලංඝනය කරන ඒකාධිපති නියෝගයක් විසින් පාර්ලිමේන්තුව තුළ අප සම්පූර්ණයෙන්ම නිහඬකරනු ලැබ ඇති බැවින්, සමකාලීන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ වැදගත් කරුණු පාර්ලිමේන්තු උද්‍යානයේදී සාකච්ඡා කිරීම හැර වෙනත් විකල්පයක් නැති තත්ත්වයකට මේ වනවිට අපි පත්ව සිටෙන්නෙමු.

මෙය පැහැදිලිවම, නීතිය විසින් ආරක්ෂා කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් මෙන්ම, තමන් තෝරාපත්කර ගත් ජනතා නියෝජිතයින්ගේ මැදිහත්වීම් මඟින් පාර්ලිමේන්තු ක්‍රියාවලීන් කෙරෙහි බලපෑමක් කිරීමට මහජනතාවට ඇති අයිතිය නොසලකා හැරීමක්ද වන්නේය.

අප විසින් නැවත නැවතත් සිදුකරන ලද නියෝජනයන්ට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කථානායකවරයා මෙම තත්ත්වය හමුවේ සිදුවන පැහැදිලි අසාධාරණය අවංකව පිලිගෙන ඇති බව සද්භාවයෙන් යුතුව සඳහන් කරනු කැමැත්තෙමු. කෙසේවුවද, කනගාටුදායක කරුණ වන්නේ මෙම තත්ත්වය වෙනස්කිරීමට මෙතෙක් දරන ලද සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී තිබීමය. මෙම ඛේදජනක තත්ත්වයට හේතු වන්නේ රටේ ව්‍යවස්ථාවේ අන්තර්ගතය හා සාරය සෘජුවම උල්ලංඝනය පරිදි පාර්ලිමේන්තුවෙන් පිටත සිට ක්‍රියාත්මක වන බලපෑම් යැයි අපි සලකන්නෙමු.

මෙවැනි තත්ත්වයන් තුළ, ඔබතුමාගෙන් සහ ඔබතුමාගේ සංවිධානයෙන් අප ගෞරවයෙන් ඉල්ලා සිටිනුයේ අපගේ ජනතාවගේ සහ ඔවුන් විසින් තෝරාපත්කර ගන්නා ලද පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ මූලික ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරක්ෂිත වන පරිදි කටයුතු කිරීම පිණිස ඔබතුමාගේ යහපත් සංවිධානමය මැදිහත්වීම යොදවමින් සහ ඔබතුමාගේ හැකියා ප්‍රමාණයෙන් කළ හැකි සියලු දේ කිරීමට නිසි පරිදි මැදිහත් වන ලෙසය”

SendShareShare
Previous Post

උතුර-දකුණ අද හවස 4ට ගෝල්ෆේස් එකේදි එක්වෙයි! (PHOTOS)

Next Post

කෙහෙළියගේ උද්දච්ච උත්තරවලට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු වටකර පහර දෙයි! (VIDEO)

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.