VVIP අමෙරිකානුවන් හොරරහසේ ලංකාවට පැමිණෙන බවත්, රට අමෙරිකන් තිප්පොළක් කිරීමට පාලකයන් කටයුතු කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කීය.
වෙනදා නම් රතුකමිස කට්ටිය ඊට විරෝධය පළ කළ බව පෙන්වා දුන් ඒ මහතා දැන් ඔවුන්ද නිහඩව සිටින බැවින් තම කණ්ඩායම ඊට එරෙහිව කටයුතු කරන බවද කියා සිටියේය.










