• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේගෙ ඒමයි – රන්ජන්ගේ නෑමයි! Sri Lanka Latest News

November 5, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
විජේගෙ ඒමයි  – රන්ජන්ගේ නෑමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ සහ අපට අසල්වැසි වූ අල්ලපු රටේ සිනමා නළුවන් දෙන්නෙක් ගැන කතාවක් කියන්නයි මේ සූදානම් වෙන්නේ. කතාව එයාලගේ නළුකම හෝ ජනප්‍රියත්වය ගැන නම් නෙවෙයි. ජනප්‍රියත්වය ගැන සඳහන් කරනවා නම් ඒ දෙන්නම ජනප්‍රිය නළුවෝ. එක්කෙනෙක් අපේ රන්ජන් රාමනායක. අසල්වැසි නළුවා කොලිවුඩය හොල්ලලා අතෑරපු සුපිරි වීරයා තලපති විජය. මේ දෙන්නම පසුගියදාක ප්‍රසිද්ධ දේශපාලනයට පය තිබ්බා. නිල වශයෙන් තම තමන්ගේ පක්ෂ හඳුන්වා දෙමින් මීටින් දෙකකුත් තිබ්බා. මේ ලියවිල්ලට මුල් වෙන්නේ අන්න ඒ කතන්දරයයි. ඒ කතාවේදී මුලින්ම අපි අපේ නළුවා ගැන කතා කරමු. රන්ජන් රාමනායක කියන්නේ ලංකාවම නෙවෙයි වුණත් ලංකාවේ බොහොමයක් මිනිස්සු ඇලුම් කරපු චරිතයක්. ඒ ඇලුම් කිරීමට යම් හේතු තිබුණා. එකක් ඔහු සරසවි සම්මානය කිහිප වතාවක්ම දිනාගැනීම. අනෙක දේශපාලන විෂය තුළ ඇති කරගත් මානුෂීය මුහුණුවර. විශේෂයෙන් මැදපෙරදිග සේවය සඳහා යන අපේ කාන්තාවන්ට සිදුවන අසාධාරණකම් වෙනුවෙන් නිතර හඬ නැගීම හුවාදක්වන්න පුළුවන්. මිනිස්සු ඔහුට ප්‍රිය කිරීමට තව හේතු තිබුණා. එකක් රාජපක්ෂ රෙජීමයට විරුද්ධව නැගී සිටීම. අනෙක රාජපක්ෂලාගේ ආණ්ඩු කාලයේදීම ඔහුව සිර අඩස්සියට දැමීම. (Sri Lanka Latest News)

‘රැවැටෙන්න එපා මල්ලි. උන්ට දේශපාලනයෙදී සතුරෝ වාගේ රඟපෑවට උන් ඔක්කොම යාළුවො මල්ලි…’
‘බලනකොට ඔක්කොම එකයි. උන් හැමෝම හොරු මල්ලි…’

ප්‍රසිද්ධියේ මයික් එකක් ඉස්සරහට ආවම නිතර කියන ඒ කතාව හින්දත් රන්ජන් රාමනායක ලොකු මිනිස්සු අතර කෙසේ වෙතත් පොඩි මිනිස්සු අතර ජනප්‍රිය වුණා. සෝෂල් මීඩියාවල පවා ඔහුගේ ඒ කතාවලට හොඳ ජනප්‍රියත්වයක් ලැබුණා. සමහර ජාතික පුවත්පත්වල ඔහුගේ ඒ ජනප්‍රිය කියමන් සිරස්තලවලට ගත්ත තැන්ද තිබුණා. අවසානයේ සිද්ධ වුණේ හැම දේශපාලකයකුටම ඇඟිල්ල දිගුකරමින් කියාපු ඒ ‘හොරු’ කතාව ඌරගේ මාළු ඌරගෙ ඇඟේම තියලා කපනවා වගේ ඔහුගේ පැත්තටම බූමරංගයක් වෙලා ආපු එකයි.

‘රන්ජන් ඉවරෙටම ඉවරයි. සල්ලිවලට පොල්ල තියලා සුගතදාසය ගිනි අරන්…’
‘අනුන්නට හොරා හොරා කියපු රන්ජන් රාමනායක අන්න පල් හොරෙකුට අහුවෙලා…’

ඊයේ පෙරේදා දවස්වල රන්ජන් ගැන මාධ්‍යවල ගියේ එහෙම කතා. ඒ කතා බොරුත් නෙවෙයි. සම්පූර්ණ ඇත්ත කතා. සුගතදාස ස්ටේඩියම් එකේ මහ ලොකුවට රන්ජන් සංවිධාන කරලා තිබුණු මීටින් එකට ඔහුගේ මංගල රැස්වීමට සෙනඟ ගෙන්නුවේ සුපිරි කෑම පැකට් එකකුයි තරමක සල්ලියකුයි දෙන ඇග්‍රිමන්ට් එක පිටලු. කතා කරගත්ත ඒ සෙනඟ අතර කැම්පස්වල කොල්ලෝ කෙල්ලොත් ඉඳලා. රැස්වීම ඉවර වුණාට පස්සේ දෙනවයි කිව්ව කෑම එකත් නැහැලු. සල්ලිත් නැහැලු. අනෙක මිනිස්සු කට වහගෙන පාඩුවේ ගෙදර ගියාට කැම්පස් කොල්ලෝ කෙල්ලෝ ටික නිකන් ඉඳලා නැහැ. උන් ටික ප්‍රසිද්ධ මාධ්‍යත් එක්ක එකතු වෙලා රන්ජන්ගේ පතුරු අරින්න ගත්තා. පසුගිය දවස්වල සෝෂල් මීඩියා පුරාත් මේ නවනින්දාව නිසා ඔහු මිනිස්සු අතර මවලා තිබුණු ඔහු විසින් ගොඩනගාගෙන තිබුණු යම් ජනප්‍රිය බවක් තිබුණද ඒ ජනප්‍රියත්වය සෝදාපාළුවෙලා ගියා.
‘රන්ජන් ඉවරෙටම ඉවරයි…’අන්න එහෙමයි මාධ්‍ය ඔහුගේ පතුරු ඇරියේ.

මහින්ද රාජපක්ෂට ‘සුනාමි හොරා’ කියලා ප්‍රසිද්ධියේම කෑගහපු, තව බොහෝ දේශපාලකයන්ට ‘හොරා’ කියපු රන්ජන් මේ විදියට ඇදගෙන නාගත්තේ ඇයි? මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂයක කවුරුත් නම ගම අහලා තියෙන ප්‍රසිද්ධ පුද්ගලයකු මාධ්‍ය හමුවේ කියා සිටියේ,
‘අනෙක් දේශපාලකයන්ට ‘හොරා’ කියපු රන්ජන් අන්න අලි හොරෙකුට අහුවෙලා’ යැයි කියාය.

අලි හොරා යැයි ඔහු කියන්නට ඇත්තේ සුබාස්කරන් අලිරාජා ගැනය. පොතේ හැටියට රන්ජන් නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයට සල්ලි දෙන්නේ සුබාස්කරන් අලි රාජාය. ඉහත කී පුද්ගලයා අලි හොරෙකුට අහුවෙලා කියා නොකියා කීවේ ඒ කාරණය වන්නට ඇත. ඒක වෙනම කතාවකි. හා පුරා කියා සංවිධාන කරපු සිය මීටිමට අල්ලස් දී පිරිස ගෙන්වන එක තවත් කතාවකි. රන්ජන්ට එහෙම නොකර ඉන්නට තිබිණි. අනෙකුත් දේශපාලකයන්ට හොරා කියා කාඩ් ගහපු ඔහු, අන්තිමේදී තමාගේ කාඩ් එක තමා අතින්ම ගහ ගත්තේය. රාජපක්ෂලා මීටින්වලට සෝබනේට වාගේ හෙලිකොප්ටරෙන් ඇවිත් බහින එකට ඇතිවෙන්නම ගැසූ ඔහු තම යාම් ඊම් සඳහාද හෙලිකොප්ටරයට නැග්ගේය. බලාගෙන යනකොට රන්ජන්ගේ කාඩ් එක කුඩේ කුඩුය.
ජනප්‍රියත්වය තිබුණාට යහමින් සල්ලි වීසි කරන්න කෙරුම්කාරයෙක් හිටියාට හොඳ දේශපාලන නායකත්වයකට ඒ වරප්‍රසාද විතරක්ම සුදුසුකමක් වන්නේ නැති වග රන්ජන් දැනගන්නට ඕනෑය. නව දේශපාලන පක්ෂයක ස්ථාවරය ගොඩනගන විට සැලසුම් සහ ප්‍රතිපත්ති මිසක කයිවාරු හරියන්නේ නැත. කොහොමින් හරි කිව යුත්තේ රන්ජන් ඇදගෙන නාගත් බවකි.

ඒ අපේ රන්ජාගේ නෑම ගැන කතාන්දරයය. ඒ අතර තලපති විජයගේ දේශපාලන ආගමනයද සිදුවිය.
සිය දේශපාලන ගමන ගැන සුබ නිමිත්ත විජය ප්‍රසිද්ධ මාධ්‍යයට කිව්වේ මීට වසරකට හමාරකට පළමුවය. ඒ කාලය අතරතුර ‘තමිල්ගා වෙටි්‍ර කසාගම්’ නමින් වූ තම පක්ෂයෙහි විජග්‍රාහී පැමිණීම සිදුවිය යුතු ආකාරය ගැන සැලසුම් කළේය. ඉතා කල්පනාකාරීව එහි පිඹුරුපත් සැකසුවේය. 2024 අවුරුද්ද තුළ දේශපාලන ගමන අරඹනවා යැයි කී ආකාරයටම ඔහු 2024 ඔක්තෝබර් මස 27 වැනි දින තමිල්නාඩුවල වික්‍රවත්හිදී ඔහු සිය සමාරම්භක උත්සවය පැවැත්වූයේය. එය ඉතා උත්කර්ෂවත්ව තිබිණි. සංවිධානශීලීව තිබිණී. ඔහුට සහාය දෙන ආධාරකරුවන්ගේ හැසිරීමද උද්‍යෝගිමත් විය. අතිවිශාල ජනකාය අමතමින් විජය කළ කතාව බොහෝ ප්‍රශංසනීය බව දේශපාලන විචාරකයන් පවසා තිබිණි. මුළු ඉන්දියාවේම අවධානයට ලක්වූ ඔහුගේ කුලුඳුල් දේශපාලන මීටිමෙහි සමහර දර්ශන සෝෂල් මීඩියාවල සීමාවක් නැතිව වයිරල් වන්නට විය. කොටින්ම කියනවා නම් දකුණු ඉන්දීය සිනමාව වර්ණවත් කළ තලපති විජය නම් සුපිරි තරුව දේශපාලන කරළියද වර්ණවත් කරන බවට සියලු පෙරනිමිති පහළ කොට අවසානය.

ඉතින් ඇයි මේ රන්ජන් රාමනායකවත් තලපති විජයවත් මෙතැනදී සංසන්දනය කළේ?
ඒ ගැන හිතන අයට ඕනෑ දෙයක් හිතන්නට දෙන අතර, අපි ‘විජයගේ ඒමයි, රන්ජන්ගේ නෑමයි’ කියලා මේ සංගදියට සිරස්තලය හදමු.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News

Next Post

රජයේ පරමාර්ථ සහ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වීම අතර යම් පරතරයක් තිබෙනවා! රාජ්‍ය පරිපාලනය වෙනස් විය යුතු බව ජනපති පරිපාලන සේවා සංගමයේ නිලධාරීන්ට දැනුම් දෙයි! Sri Lanka Latest News

MORE NEWS

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Exclusive

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

සතොසෙන් බඩු කීපයක මිල අඩු කරයි!
Exclusive

අඩු කළා..! අඩු කළා..! සතොසට ගියොත් සතොසින් එන්න පුළුවන්! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

දේශපාලනය කරද්දී සියල්ලටම මුහුණ දිමට සූදානම් විය යුතු බව හිටපු අමාත්‍ය ජොන්ස්න් ප්‍රනාන්දු මහතා පැවසීය. Sri Lanka Latest News

Read more
මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.