ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, සිය නිල නිවස සහ නිල රථය අමාත්‍යංශ ලේකම්ට භාර දී ඇති බව වාර්තා වේ.
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු ඔවුන්ගේ අමාත්‍යධූරවලින් ඉවත් කිරීමට විරෝධය පෑමක් වශයෙන් තමන් යළි අමාත්‍ය මණ්ඩල රැස්වීම් සදහා සහභාගී නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසා තිබුණි.
කෙසේ වෙතත් තමන් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් නැති බවද අමාත්‍යවරයා පවසයි.










