අප රටේ දේශපාලනඥයන් මහජනතාව ඉදිරියේ සිය ආගමික කටයුතු හුවාදැක්වීම හුදු සටකපට ක්‍රියාවක් බවත්, තමන්ගේ ආගමික කටයුතුවලදී මාධ්‍යවේදීන් පිරිවරාගෙන යෑම එම සටකපටකම විදහා දක්වන නිදසුනක් බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයන් ජනාධිපතිවරණයට පෙර පැවසූ ප්‍රධානතම කරුණකි.Sri Lanka Latest News
එය සමාජ මානව විද්‍යා විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද වැදගත් ප්‍රකාශයකි. එහෙත් අද වන විට ඔවුන්ගේ එම දැක්ම එලෙසින්ම පවතී ද යන ගැටලුව අප හමුවේ පැනනැගී තිබේ.
ආගමික සදාචාරය සහ දේශපාලනික ව්‍යාපෘති ලොව පුරා පවතින පොදු සම්මුතියට අනුව ආගම යනු මිනිසාගේ මෙලොව සේම පරලොව පැවැත්ම යහපත් කරවීම පිණිස ඉදිරිපත් කෙරෙන, විශ්වාස මත පදනම් වූ චර්යා ධර්ම පද්ධතියකි. එහෙත් දේශපාලනය යනු හුදෙක් රටක ජනතාවගේ ලෞකික යහපැවැත්ම තහවුරු කරගැනීම පිණිස පාලක පක්ෂය විසින් ඉදිරිපත් කළ යුතු සාධනීය මෙන්ම තිරසාර ව්‍යාපෘති මාලාවකි.
එමෙන්ම සමාජයක ප්‍රගමනය තීරණය වන්නේ එම සමාජයේ පුරවැසියන් සතු තාර්කික චින්තනය සහ විචාර බුද්ධිය මත බවද නොරහසකි. එසේ වුවද ආගමික සහ දේශපාලනික ක්ෂේත්‍රයන්හි බලය හසුරුවන පුද්ගලයන් පටු වාසි තකා ජනතාව නොමග යවන විට, එම සමාජයේ සමස්ත යහපැවැත්ම බිඳවැටීම නොවැළැක්විය හැකි සංසිද්ධියකි.
ආගමික අවභාවිතය සහ පූජක ආධිපත්‍යය, ආගම යනු මිනිසාගේ ආධ්‍යාත්මික සැනසීම උදෙසා පවතින සංකල්පීය පදනමකින් යුතු චින්තන ධාරාවක් වුවද, ඉතිහාසය පුරාම ඇතැම් පූජකයන් ආගමික සංකේත සහ විශ්වාසයන් අවභාවිත කරමින් බැතිමතුන්ගේ බිය හා තෘෂ්ණාව කුළුගන්වා තමන්ගේ මඩි තර කර ගැනීමට කටයුතු කර ඇත. එම පූජක ආධිපත්‍යය කෙතරම් උත්තුංග ලෙස නැගී තිබුණේද යත්, පූජකවාදය යන්න සමාජයීය වශයෙන් ප්‍රතිගාමී බලවේගයක් ලෙසද විද්වතුන් විසින් හඳුන්වා දෙන ලදී.
බුද්ධ කාලීන සමාජයේ මුල් බැසගෙන තිබූ වෛදික බ්‍රාහ්මණ ආධිපත්‍යය විසින් සමකාලීන සමාජ සමානාත්මතාව බරපතළ ලෙස අහිමි කළ පසුබිමක, සිද්ධාර්ථ ගෞතම සහ වර්ධමාන මහාවීර වැනි රජ කුමාරවරු ඊට සපුරාම එරෙහි වෙමින් ශ්‍රමණ සම්ප්‍රදාය බලගැන්වූහ. එම මෙහෙවර එක්තරා දේශපාලනික විප්ලවයක් සේ සමාජවාදී දෘෂ්ටියකින් විවරණය කළ මහාචාර්ය කඹුරුගමුවේ අරියසේන වැනි විද්වත් හිමිවරුන් ඒ බව අවධාරණය කර තිබේ.
TheLeader.lk











