ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව වෙත තවත් කෝවිඩ් එන්නත් තොගයක් ලබා දීමට නියමිත බව එරට ධවල මන්දිරය ඊයේ (21) රාත්‍රියේ නිවේදනය කළේය.
මෙහිදී එන්නත් මිලියන 16 ක පමණ කොටසක් ආසියාව සඳහා වෙන් කර ඇති අතර එය ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, භූතානය, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, ලාඕසය, පැපුවා නිව්ගිනියාව, තායිවානය, කාම්බෝජය සහ පැසිෆික් කලාප දූපත් වෙත ලබා දීමට නියමිතය.
කෙසේවෙතත් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ එන්නත් සහ බෙදා හැරීමේ කාල සීමාව නිශ්චිත වශයෙන් තවමත් නොදන්නා බවයි.