ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග කියා සිටියි.
ජූලි චන්ග් මහත්මිය සහ ජනාධිපතිතුමා අතර අද (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණ.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ද අවස්ථා කිහිපයකදී මානුෂීය ආධාර ලබා දීමට පියවර ගනු ලැබී ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව වෙනුවෙන් සහ මානුෂීය ආධාර ලබා දෙමින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබඳ ජනාධිපතිතුමා සිය ස්තූතිය පිරිනැමී ය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් පසුවන බවත් කඩිනමින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බවත් ජූලි චන්ග් මහත්මිය ජනාධිපතිතුමා සමඟ සඳහන් කළාය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක් ව සිටියේය.










