ඩුබායි හීදී හෘදයාබාදයකින් මිය ගිය ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන කෙසෙල්වත්තේ දිනුකගේ ප්‍රධාන ගෝලයෙක් වන හේවාපේඩිගේ දිනූෂ චතුරංග නොහොත් කෙෙසල්වත්තේ දිනුෂට ව්‍යාජ තොරතුරු ඇතුලත් කර විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දිමට ආධාර හා අනුබලදීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක (පාලන) අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අද පෙරවරුවේදීය.
අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන දිනුෂව මෙරටට පිටුවහල්කරනු ලබන්නේ 2026 ජනවාරි 24 වනදාය. ඔහුව ගුවන්තොුපොලේදී අත්අඩංගුවට ගනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය.
මෙම පාතාල අපරාධකරුගේ ඡායාරූපයට වෙනත් පුද්ගලයෙකුගේ ජීව දත්ත ඇතුළත් කළ අයදුම්පත්‍රයක් නිසි පරීක්ෂාවකින් තොරව භාරගෙන විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට ආධාර ලබාදී ඇති බවට ආගමන විගමන නියෝජ්‍ය පාලකට එල්ලවී ඇති චෝදනාවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයාට ලබාදුන් දැනුම්දීමක් මත විමර්ශන ආරම්භ කර සැකකරුව , කොළඹ වංචා විමර්ශන කාර්යංශය අත්අඩංගුවට ගෙන ඇත..










