යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර දුරකතන සංවාදයක් පැවැත්විණි.
එහිදී රුසියාවට තව තවත් සම්බාධක පැනැවිය යුතු යැයි යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව රුසියාවේ තෙල් සම්බන්ධයෙන් සම්බාධක පැනැවීම කෙරෙහි ඇමෙරිකන් රජයේ අවධානය යොමු වී ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
ඒ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමිනි.
මේ අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී යුක්රේනයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින්, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය ඇමැතීමට ද නියමිතව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.