ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතා ඝාතනය කර මේ වන විට සති දෙකක කාලයක් ඉක්මවා ගොස් ඇතත් එම ඝාතනයට සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව නැත. Sri Lanka Latest News
උසස් පොලිස් නිලධාරියෙකුගෙන් දිනමිණ පුවත්පත මේ සම්බන්ධයෙන් කළ විමසුමක දී සඳහන් කර ඇත්තේ මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම මේ වන විට පොලිසියට අභියෝගයක් වී ඇති බවය.
අඩුම තරමින් මෙම ඝාතනයට හේතුවක් වත් මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැති බව ද එම නිලධාරියා කීය. නමුත් ලැබෙන විවිධ තොරතුරු ඔස්සේ විමර්ශන පැවැත්වෙන බව එම නිලධාරියා කීය.
මෙම ඝාතනය ඉතා සූක්ෂ්මව සාක්ෂි පවා විනාශ කරමින් සිදු කර ඇති බව පෙනී යන බව ද එම නිලධාරියා කීය.
රොෂාන් කුමාර ඝාතනය වන්නේ පසුගිය පෙබරවාරි 26 වෙනිදා කුරුඳුගහහැතැම්ම දිවිතුරුගම පිහිටි සිය නිවස තුළදීය. ඒ උදෑසන 6.50ට පමණය. සිය බාල දරුවා පාසල් යන පළමු දිනය වූ එදින සිය දරුවා පාසලට ඇරලවීමට සූදානමින් සිටිය දී ඔහුව ඝාතනය වී තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් 10කට වැඩි ප්‍රමාණයක් මෙම ඝාතන විමර්ශනය සඳහා යොදවා තිබේ.