අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්හ.Sri Lanka Latest News
ඒ අනුව නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.








ජනාධිපති මාධ්‍ය අංශය
2025.01.09










