• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට ආ ඈන් කුමරිය පැහැරගන්න හදලා I Sri Lanka Latest News

January 26, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
ලංකාවට ආ ඈන් කුමරිය පැහැරගන්න හදලා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තුවක්කුවක් අරන් ආපු මිනිහෙක් තුන්දෙනෙකුට වෙඩි තියලා…
කුමරිය බේරාගත්තේ බොක්සිං ක්‍රීඩකයෙක්…

මෙයට හරියටම වසර 50කට පමණ පෙර දිනයකි. එනම් 1974 වසරේ මාර්තු 20 වැනිදාය. එංගලන්තයේ (මහා බි්‍රතාන්‍යයේ) ලන්ඩන් නුවර පිහිටි නෘත්‍ය ශාලාවක සිට වෙස්ට්මිනිස්ටර් නගරයේ ඇති බකිංහැම් මාලිගය දෙසට ගමන් කරන සුඛෝපභෝගී ඔස්ටින් වැන්ඩන් වර්ගයේ ලිමොසින් (Austin Vanden Limousines) මෝටර් රථයකි. රථයේ රියැදුරුට අමතරව තවත් 04 දෙනකු ගමන් කරමින් සිටියහ. සුපිරි රථයේ පිටුපස තිදෙනකු බැගින් අසුන්ගත හැකි ආසන පේළි 02ක් ඇති අතර, ඉදිරියෙහි රියැදුරු අසුන සහ තවත් එක් අසුනක් ඇත. මේ ආකාරයට මෙම රථයෙහි මගීන් 08 දෙනකුට ගමන් කළ හැකි වුවද, එහි වූයේ මගීන් 05 දෙනකු පමණි. මෙම මගීන් පස්දෙනාගෙන් එක් අයකු අති සුවිශේෂ පුද්ගලයකු වූ අතර, එනම් බි්‍රතාන්‍ය රජ පවුලේ කාන්තාවකි. ඇය නම් එංගලන්තයේ එලිසබෙත් මහ රැජිනගේ එකම දියණිය සහ දෙවැනි දරුවා වන ඈන් එලිසබෙත් ඇලිස් කුමරියයි. ඇය සමස්ත ලෝකය කෙටි නාමයෙන් හඳුන්වන්නේ ‘ඈන් කුමරිය’ (Princess Anne) ලෙසිනි. ඇය රාජකීය කුමරියකි. – Sri Lanka Latest News

ලිමොසින් සුපිරි මෝටර් රථයේ ඉදිරිපස අසුන් දෙකෙහි රථයේ රියැදුරුත්, පොලිස් ආරක්ෂක නිලධාරියෙකුත් අසුන්ගෙන සිටියහ. දෙවැනි නොහොත් මැද අසුනේ ඈන් කුමරියත්, ඇය හා මෑතකදී විවාපත්වූ මාර්ක් පිලිප්ස් හමුදා කපිතාන්වරයාද වූහ. තෙවැනි නොහොත් අවසාන අසුනෙහි ඈන් කුමරියගේ පරිවාර සහායිකාව ලෙස කටයුතු කරන කාන්තාවද වූවාය. රාජකීය යුවල ලන්ඩන් නගරයේ පැවැති නෘත්‍ය දර්ශනයක මංගල මොහොතට ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගි වී නැවත වෙස්ට්මිනිස්ටර්හි පිහිටි බකිංහැම් මාලිගය වෙත පැමිණෙමින් සිටියහ. වේලාව හරියටම රාත්‍රි 8.20ට ආසන්නව තිබිණි. මාර්ගයේ එතරම් විශාල රථවාහන සංඛ්‍යාවක් නොවූ අතර, එහෙත් ගනඳුර පැතිරෙමින් තිබිණි. මාර්ගය දෙපස වීදි ලාම්පුද හොඳින් දැල්වී තිබිණි.

ගතවූයේ මොහොතක් පමණි. ඈන් කුමරිය ගමන් ගන්නා ලිමොසින් මෝටර් රථය පසුකරගෙන ෆෝඩ් එස්කෝර්ට් වර්ගයේ සාමාන්‍ය මෝටර් රථයක් ඉදිරියට වේගයෙන් ඇදී ගියේය. ගතවූයේ නිමේෂයකි. ඉදිරියට ඇදීගිය මෝටර් රථය වහා රාජකීය ලිමොසින් රථය හරස් කරමින් ඉදිරියෙන් නැවැත්වීය. සිදුවූයේ කුමක්දැයි ඈන් කුමරිය ප්‍රධාන පිරිසට එක්වර අවබෝධ කරගන්නට නොහැකි විය. එහෙත් රාජකීය රථයේ ඉදිරියේ අසුන්ගෙන සිටි කුමරියගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාට යම් අනතුරක් සිදුවන්නට යන බවක් හැඟිණි. දැන් මෝටර් රථ දෙකම එකම තැනක මහමග නැවතී ඇත. තවත් ගතවූයේ තත්පර කිහිපයක් පමණි. මහත් බියකරු දසුනක් මවන්නට විය. සැණෙන් ඉදිරි රථයෙන් බැසගත් මිනිසකු (රියැදුරු) මි.මී. 9 වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයකින් අහස දෙසට වෙඩි තබමින් රාජකීය රථය දෙසට දිව එන්නට විය. ඔහු අහසට වෙඩි දෙකක් පමණ තබනවාත් සමගම රාජකීය රථයේ ආරක්ෂක නිලධාරියා වහා රථයෙන් බැස්සේය.

තත්පරයෙන් තත්පරය ත්‍රාසජනක චිත්‍රපටයක දසුන් මවන්නට විය. ආරක්ෂක පොලිස් නිලධාරියා වහා තමන් සතුව තිබූ මි.මී. 22 වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලය එළියට ගෙන අපරාධකරුවා දෙසට එල්ල කරමින් වෙඩි තබන්නට ගත්තේය. සිදුවූයේ සිතාගත නොහැකි මහා අවුලකි. නිලධාරියාගේ පිස්තෝලය ක්‍රියා කරන්නේ නැත. යම් ශබ්දයක් පමණක් නගමින් කිසිදු වෙඩි උණ්ඩයක් පිටකරන්නේ නැත. නිලධාරියාට දෙලෝ රත්විය. රාජකීයයන් මෝටර් රථය තුළ වික්ෂිප්තව බලා සිටියි. තත්පරයෙන් ඉදිරියට ඇදී ආ අපරාධකරුවා, නිලධාරියාගේ අවිය අකර්මණ්‍ය බව දුටුවේය. ඔහු වහා නිලධාරියාගේ එක් උරහිසක පැත්තකට වන්නට වෙඩි තැබුවේය. වෙඩි උණ්ඩය අතට වැදුණු අතර පොලිස් නිලධාරියා එතැන බිම ඇදවැටුණේය.

රාජකීය රථය මෙසේ හරස් කළ අපරාධකරුවා එහි රියැදුරුද වන අතර, එම රථයේ වෙනත් කිසිවකුත් පැමිණ සිටියේ නැත. වෙඩි හඬ දෙතුන් වතාවක් ඇසුණු හෙයින් මහමග සිටි සාමාන්‍ය ජනයාද සිදුවීම ගැන අවධානය යොමු කරන්නට විය. ආරක්ෂක නිලධාරියා බිම ඇදවැටෙනවාත් සමගම අපරාධකරු තවත් තත්පර දෙක තුනක් රාජකීය රථය වෙත කඩාවැදී තම පිස්තෝලයද අමෝරාගෙන, රාජකීය ඈන් කුමරිය අසුන්ගෙන සිටි අසුනේ ඇයගේ පැත්තට පැමිණ වහා දොරටුව විවෘත කළේය. පිස්තෝලය ඈන් කුමරියගේ මුහුණ ආසන්නයටම එල්ල කරමින් යමක් කියා කෑගසන්නට විය. ඈන් කුමරියගේ ස්වාමියා වන මාර්ක් පිලිප්ස්ද මහත් සේ අසරණ විය. අපරාධකරුවා ඈන් කුමරියට පිස්තෝලය අමෝරාගෙනම කෑමොර දෙන්නට විය. ඔහු මෙසේ කියන්නට විය.

‘කුමරිය මම ඔබට වෙඩි තබන්නේවත්, වෙනත් අනතුරක් කරන්නේවත් නැහැ. ඒත් මම ඔබව පැහැරගෙන යනවා. ඔබ දැන් මාත් සමග යන්නට එන්න ඕනෑ…’
‘එහෙනම් ලේ වැගිරෙන්නේ නැහැ. හොඳයි ඔබට මාව පැහැරගෙන යන්න තිබෙන වුවමනාව කුමක්ද?’ ඈන් කුමරිය කිසිදු කලබලයකින් තොරව ප්‍රහාරකයාගෙන් අසන්නට වූවාය.

‘ඔබව පැහැරගෙන ගොස් සඟවා තබාගෙන මම පවුම් මිලියන 02ක කප්පම් මුදලක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මම පසුව ඒ මුදල මෙරට ජාතික සෞඛ්‍ය සේවයේ අරමුදල සඳහා ලබාදීමට බලාපොරොත්තු වෙනවා…’ ප්‍රහාරකයා පැවැසීය.

ගතවූයේ තවත් තත්පර දෙක තුනක් පමණි. පිස්තෝලය කුමරිය දෙසට මානාගෙන සිටින ප්‍රහාරකයා දෙස බලා සිටීමට නොහැකි වූ රාජකීය රථයේ රියැදුරු වහා ප්‍රහාරකයා වෙත කඩාපැන්නේය. එහෙත් අපරාධකරුවා වහා ක්‍රියාත්මක විය. රියැදුරු දෙසට හැරී ඔහුට වෙඩිල්ලක් තැබුවේය. වෙඩි වැදුණු රියැදුරුද එතැන බිම ඇදවැටුණේය. ඒත් සමගම අසල මාර්ගයේ ගමන් කරමින් සිටි මාධ්‍යවේදියකු වහා එතැනට ඇවිත් කලබලය සමථයකට පත් කරන්නට උත්සාහ කළේය. එහෙත් ප්‍රහාරකයා මරුවිකල්ලෙන් කෑගසමින් එම මාධ්‍යවේදියාටද එක් වෙඩිල්ලක් තැබූ අතර, ඔහුද වෙඩි පහර කාගෙන බිම ඇදගෙන වැටුණේය. තත්ත්වය අතිශය බියකරු විය. ප්‍රහාරකයා දැනට තිදෙනකුට වෙඩිතබා ඇත.

ඈන් කුමරියගේ සැමියා කලබලයට පත්වී අපරාධකරුවාට පහර දෙන්නට ගියේ නැත. ඔහු ඇය අසලින්ම සිටියේය. ඈන් කුමරිය බොහෝ කලබලයකින් හෝ චකිතයකින් නොසිටි අතර, ඇය ප්‍රහාරකයාට පවසා සිටියේ ‘හොඳයි මම රථයෙන් බහින්නම්’ යනුවෙනි. එසේ පැවැසූ ඇය රථයෙන් බිමට බැසගත්තාය. ඇය රථයෙන් බසිනවාත් සමග ඇයගේ පරිවාර කාන්තාවද වහා පිටුපස අසුණේ සිට බිමට බැසගත්තාය.

නිර්මාණය කළ චිත්‍රපටයකට වඩා මෙම සැබෑ දසුන් බියකරු විය. දැන් තව මොහොතකින් මෙම ප්‍රහාරකයා මෙම තරුණ රාජකීය කුමරිය රැගෙන පලා යනවා ඇත. ඔහු දිගින් දිගටම පිස්තෝලය මානාගෙන සිටියි. මහත් පුදුමයකි. ගතවූයේ තවත් තත්පර තුන හතරක කාලයකි. මහා යෝධයකු එතැනට ඊතලයක් සේ කඩාගෙන වැදුණේය. අසල මාර්ගයේ ගමන් කළ මෙම අපූරු මිනිසා අඩි 06යි අඟල් 04ක උසකින් යුත් දේහධාරී ශරීරයක් ඇති මැදි වයසේ අයෙකි. ඔහු දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු විය. ඔහු දෙවරක් කල්පනා කළේ නැත.

ප්‍රහාරකයාගේ පිටුපසින් වහා ප්‍රහාරකයා වෙත තඩාපැන්නේය. සැණෙන් ප්‍රහාරකයාගේ හිසේ පිටුපසට දරුණු අත් පහරක් එල්ල කළේය. මධ්‍ය ප්‍රමාණයේ ශරීරයක් ඇති ප්‍රහාරකයා තම අතේ වූ පිස්තෝලයද පසෙකට වීසිවී සැණින් බිම ඇදී වැටුණේය. බොක්සිං ශූරයා තවත් පහර කිහිපයක්ම ප්‍රහාරකයාට එල්ල කර මෙල්ල කරගනිමින් තම ග්‍රහණයට ගත්තේය. මේ අතර සිද්ධිය ගැන පිරිස් පොලිසිය දැනුවත් කර පොලිස් නිලධාරීන් එතැනට පැමිණි අතර, ප්‍රහාරකයා මාංචු දමා අත්අඩංගුවට ගෙන තිබිණි. වෙඩි වැදුණු තිදෙනාම වහාම රෝහල් වෙත රැගෙන යෑමට කටයුතු කෙරිණි. ඈන් කුමරිය සහ ඇගේ සැමියා කිසිදු ශරීර හානියකින් තොරව දිවි ගලවා ගත්හ. මෙහිදී මහා විනාශයක් වළක්වාගත් ප්‍රධානතම වීරයා වූයේ බොක්සිං ක්‍රීඩකයාය. ගැලවුම්කාරයා ඔහුය.

මෙයට හරියටම වසර 50කට පෙර මෙම ත්‍රාසජනක සත්‍ය සිදුවන විටදී එංගලන්තයේ රාජකීය ඈන් කුමරිය ඉතා සුරූපී, 23 හැවිරිදි වියේ පසුවූ තරුණියක වූවාය. එහෙයින් ඉහත ප්‍රහාරකයා ඇය යම් වෙනත් අපරාධයක් සඳහා පැහැරගෙන යෑමට උත්සාහ කළේදැයි සැකයක් මතුව තිබුණද, එය එසේ නොවුණු බවට කරුණු ඔප්පු වී තිබිණි. මෙම ප්‍රහාරකයා එකල 26 වැනි වියෙහි පසුවූ තරුණයකු වූ අතර, ඔහු යම් මානසික රෝගී තත්ත්වයකින් පෙළුණු අයෙක් බවට පසුව කරුණු හෙළිවිය.

ඔහු ඉයන් බෝල් නමැති බි්‍රතාන්‍ය ජාතිකයෙකි. පසුව ඔහුට එරෙහිව නඩු අසා ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්ද නියම කෙරිණි. නඩුවේදී හෙළිව තිබුණේ මොහු සත්‍ය වශයෙන්ම බලාපොරොත්තු වී ඇත්තේ කුමරිය පැහැරගෙන ගොස් රඳවා තබාගනිමින් පවුම් මිලියන 02ක කප්පමක් ලබාගෙන පසුව කුමරිය නිදහස් කර එම කප්පම් මුදල මානසික රෝගී ජාතික අරමුදලකට ලබාදීමටය. මෙම හරයක් නැති වගතුග නිසා වෛද්‍ය විශේෂඥවරුන් තීරණය කළේ මෙම ඉයන් බෝල් නමැති තරුණයා ‘ශිසෝප්රේනියා’ නොහොත් භින්නෝන්මාදය නමැති මානසික රෝගයෙන් පෙළෙන බවයි. එහෙයින් ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගය මත බන්ධනාගාර රෝහලක් වෙත යොමු කෙරිණි.

මහා බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ එකම දියණිය සහ දෙවැනි දරුවා වන රාජකීය ඈන් කුමරිය සිය ස්වාමියාද සමග පසුගියදා ශ්‍රී ලංකාවට තෙදිනක නිල සංචාරයක් සඳහා පැමිණියේය. ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සමරු සංවත්සරයට අදාළව ඇය මෙම සංචාරය සිදුකළාය. දැනට 73 වැනි වියෙහි පසුවන ඈන් කුමරිය මෙයට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මෙයට හරියටම වසර 29කට පෙර එනම් 1995 වසරේදීය. ඈන් කුමරිය දැනට යම් වැඩිහිටි මහලු වයසක පසුවවද ඇය තම කටයුතු බොහෝ ක්‍රියාශීලීව මෙහෙයවන අයුරු දක්නට හැකිය. ඇය තම ස්වාමියා සමග මෙරට තුළ සිටි දින 03ක කාලය තුළදී කොළඹ, මහනුවර සහ යාපනය ඇතුළු නගර කිහිපයකම උත්සව සඳහා දැඩි උනන්දුවකින් සහභාගි වූවාය. අද මෙම ලිපියෙන් ඇයගේ එම සංචාරයේ වගතුග දීර්ඝව කියා නොසිටින්නේ එම තොරතුරු බොහොමයක්ම ඔබ පසුගියදා මාධ්‍යයෙන් දක්නට වූ හෙයිනි. එහෙත් ඔබට මේ ලිපියෙන් අප කියන්නට යන්නේ ඈන් කුමරිය මෙයට හරියටම වසර 50කට පෙරදී මුහුණ දුන් අතිශය ත්‍රාසජනක සිදුවීමක් ගැනය. එම සුවිශේෂ සිදුවීම ගැන රූපවාහිනී සහ වෘතාන්ත චිත්‍රපට පවා නිෂ්පාදනය කර ඇත. මෙය සත්‍ය ලෙසම මාරාන්තික, බියකරු කතාවකි. මාරයාගේ දොරකඩට නොහොත් ‘දොරකඩ මාරාවට’ ගිය සුරූපී තරුණ රාජකීය ඈන් කුමරිය එයින් ගැළවුණු හැටි එම වගතුග කියා සිටියි. එකල ඇයගේ වයස අවුරුදු 23කි.

මෙම අතිශය ත්‍රාසජනක සිදුවීමේදී ප්‍රහාරකයාගෙන් වෙඩිවැදී තුවාල ලැබූ නිලධාරීන් තිදෙනාටත්, නිර්භයව ඉදිරිපත්ව කුමරිය බේරාගත් බොක්සිං ශූරයාටත් පසුව එලිසබෙත් මහ රැජින විසින් ගෞරව නාම සහ මුදල් ත්‍යාග පිරිනමන ලදී. මෙහි අනෙක් අපූරු වගතුග නම් එදා 26 හැවිරිදි ප්‍රහාරක තරුණයා දැනට 76 වියැති මහලු මිනිසකු වන අතර, ඔහු තවද ඉහත මානසික රෝහලේ නේවාසිකව සිටියි. එනම් ජීවිතාන්තය දක්වා සිරගතව සිටියි. එදා 23 හැවිරිදි වියෙහි පසුවූ රාජකීය ඈන් කුමරිය අද 73 හැවිරිදි වියෙහි පසුවන්නීය. දැන් අප මෙම කතාවේ හැරවුම් ලක්ෂ්‍යය වෙත පැමිණ ඇත. එනම් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ තෙදිනක නිල සංචාරයක් සිදුකරමින් නොමැකෙන සටහන් තැබුවේ මෙම රාජකීය ඈන් කුමරියයි.

ඔබට යටකී ඇයගේ ත්‍රාසජනක කතාව ලියා තැබුවේ එවැනි වගතුගක් මෙවැනි වත්මන් වටපිටාවකදී අසන්නට නොලැබෙන හෙයිනි. එනම් ඈන් කුමරියගේ ශ්‍රී ලංකා සංචාරයේ බොහෝ වගතුග ඔබට එදිනෙදා විවිධ මාධ්‍ය හරහා නම් අසන්නට ලැබිණි. එංගලන්තයේ රාජකීය ඈන් කුමරිය නමැති ලොවම හඳුනන කාන්තාව බොහෝ සුවිශේෂ ගති ලක්ෂණවලින් හෙබි කතක් ලෙස ප්‍රකටය. බොහෝ විට හෙළිව ඇත්තේ ඇගේ ක්‍රියාශීලී බව, නිර්භයත්වය සහ නායකත්වය යන ගුණාංගයන්ය. ඇය පසුගියදා ඇගේ සැමියා සමග ශ්‍රී ලංකාවට පැමිණෙන විටදී මුලින්ම දෙනෙත් අදහාගත නොහැකි දසුනක් අපට දක්නට හැකි විය. එනම් ඇගේ ගමන් මලු තුනක්ම ඇගේ දෙඅතින් ඔසවාගෙන ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිට පිටතට විත් මෙරටට පැමිණෙන ආකාරය ඉතා පුදුමසහගත විය. එම දසුන් මහත් ප්‍රශංසාවට ලක්විය.

එංගලන්තයේ ඈන් කුමරිය යනු වත්මන් එංගලන්තයේ මහ රජතුමා වන තෙවැනි චාල්ස් රජුගේ එක්කුස උපන් සහෝදරියයි. ඔවුන් දෙදෙනාම දෙවැනි එලිසබෙත් රැජිනගේ දරුවන්ය. ඈන් කුමරිය තමාගේ පළමු විවාහක සැමියා වන මාක් පිලිප්ස්ගෙන් වසර 19ක විවාහ ජීවිතයට පසුව 1992 වසරේදී දික්කසාද වී ඇත. ඉන් පසුව ඇය එම වසරේදීම නාවික හමුදා නිලධාරියකු වූ තිමති ලෝනේස් සමග විවාහ වූවාය. එම විවාහයට දැනට වසර 32ක් ගතව ඇති අතර, ඇය පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේ එම සැමියා සමගය. තිමති ලෝනේස් හමුදා නිලධාරියාද තම බිරිය වූ ඈන් කුමරිය සමග ශ්‍රී ලංකා සංචාරය බොහෝ සතුටින් ගතකරන ආකාරය දක්නට ලැබිණි. ඔහු කොළඹ පිහිටා තිබෙන ප්‍රධාන හින්දු කෝවිලකට ගොස් ග්‍රහ අපල සඳහා වූ පූජාවකට සහභාගි වෙමින්, පොල් ගැසීමේ චාරිත්‍රය සිදුකරන ආකාරයද දක්නට හැකි විය. ඔහු තම තනි අතින් පොළොවේ ගැසූ පොල් ගෙඩියක් කැබලිවලට කැඩී ගොස් එහි වූ පොල් වතුර අසල වූ මාධ්‍යවේදීන් වෙතද විසිරී යන ආකාරය දක්නට හැකි විය. එය රසවත් සිදුවීමකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පැය 24ට අපරාධකරුවන් 871ක් අල්ලයි! Sri Lanka Latest News

Next Post

දොඩම්ගස්ලන්දේ පන්සලට වෙඩි තිබ්බ හේතුව හෙළිවෙයි! දායකයෙක් එක්ක වෙච්ච බහින්බස් වීමකට මරණ තර්ජන කරලා! සැකේට හාමුදුරුවො නිදාගන්න ඇඳ මාරුකරපු නිසා ජීවිතේ බේරිලා! තිබ්බ වෙඩිල්ලේ උණ්ඩය ඇඳ උඩ!  I Sri Lanka Latest News‍

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.