අද (28) දිනය තුළ මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. (Sri Lanka Latest News)
මෙම උෂ්ණත්වය මිනිස් සිරුර අවධානමට ලක්කරවන මට්ටමක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ නිවේදනයේ දැක්වේ.
මේ තත්ත්වය තුළ ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත්, හැකිතාක් සෙවණේ රැඳී සිටින ලෙසත්, කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් සහ රෝගීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා ඇත.
lankasara










