ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02) දින රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
සියලු රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය අනුව ජනාධිපතිවරයා මෙලෙස විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඒ අනුව කියුබාව, එක්සත් රාජධානිය, ඕස්ටේලියාව, චිනය, ජපානය, කැනඩාව සහ ඉන්දියාව යන රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වනු ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය
2024-10-02










