පසුගිය දිනවල මතභේදයට ලක් වූ තිස්ස වැව හෑරීම යළිත් ආරම්භ විි තිෙබ්.
ව්‍යපෘති සමාගම මාධ්‍ය හමුවක් කැඳවමින් සිය වැඩපිළිවෙළ ද පැහැදිලි කළේ ය.
ගජ හෝලිඩින්ස් ප්‍රධාන විධායක නිලධාරී ගයත් ජයසිංහ මහතා,
මඩ සහ රොන් මඩ කියන කොටස් දෙක වැකුම් ක්‍රමයකින් උඩට ඇදලා ගන්න එක කරන්නේ. එතකොට මේකෙදී වැව හැරීමක් සිද්ධ කරන්නේ නැහැ. කිසිම පුරාවිද්‍යාත්මක වස්තු ඩැමේජ් වෙන්න විදිහක් නැහැ හැම දෙයක්ම මේ ඉස්සරහා තියන දැලේදී ට්‍රැප් වෙනවා. මාධ්‍ය ජනතාවට කියන්නේ එයාලා දකින දේ. එතකොට යම්කිසි විදිහකින් අපට අතපසුවීමක් සිදුවුණා නම් මම කියනවා අපට ඒකට සමාවෙන්න ඕන. කිසිම දෙයක් අපි ඩෙලබරේට්ලි හංගන්න හදනවාක් වත් කරූණු කාරණා වසන් කිරීමක්වත් අපි සිද්ධකරලා නැහැ. මෙය තනිකර ශ්‍රී ලාංකිය කම්පැණියක් ශ්‍රී ලාංකික මිනිස්සු වැඩ කරන්නේ අපට එහෙම හංගන්න දෙයක් නැහැ. අපේ ඇග්‍රීමන්ට් එකෙත් තියෙන්නේ පුරාවිද්‍යාත්මක දෙයක් අහුවිච්ච ගමන් අපි මේ වැඩ නවත්තලා අපි භූමියෙන් ඇයින් වෙලා අපි ඒක දැනුම් දෙන්න ඕන පුරාවිද්‍යා එකට.










