අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
එසේම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
කෙසේවෙතත් පසුගිය සතියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම සතියේ බදාදා දින තෙක් වර්ෂාව පවතිනු ඇති බවකි. ඒ මෙසේය.
මේ වැස්ස ලබන බදාදා වෙනකම් වහිනවා! අපි නෙමෙයි කියන්නේ!
දිවයින ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹීම් හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාව සහ ප්‍රධාන වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන බදාදා (19) දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.
බස්නාහිර, දකුණ, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව ඔහු පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුත්තලම, කුරුණෑගල, මාතලේ, ගම්පහ, මහනුවර, කෑගල්ල, නුවරඑළිය, කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 13කට රතු අනතුරු ඇඟවීම් (අධි අවදානම්) නිකුත් කර ඇත.










