සිය ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් ආරම්භ කළ විරෝධතාව අත්නොහරින බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.
ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් එම සංගම් ඊයේ (05) උදෑසන බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළේය.
ඊයේ රාත්‍රී එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවයේ යෙදී සිටි පිරිස් රැඳී සිටි කුඩාරම ඉවත් කිරීමට ද කටයුතු කර තිබේ.
කෙසේවෙතත් සිය ගැටලුවට විසඳුමක් ලැබෙන තෙක් එම ස්ථානයෙන් ඉවත්ව නොයන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේය.










