2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර ක්‍රිකට් තරගය අද (14) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.Sri Lanka Latest News
අද තරගය සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෝහිත් ශර්මාට හිමි ව ඇති අතර, පාකිස්තාන කණ්ඩායම මෙහෙයවන්නේ, බාබර් අසාම් විසිනි. දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරග පහෙන් තරග හතරකම ජය ලබා ගැනීමට ඉන්දියාව සමත් වූ අතර, එක් තරගයක් නිමා වුණේ විසඳුමකින් තොරවයි.
අද තරගය පැවැත්වෙන්නේ, ලොව ඇති විශාලම ප්‍රේක්ෂකාගාරය හිමි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වන අතර, එහි ධාරිතාව ආසන 132,000ක්.
මෙම තරගය සඳහා විශේෂ රන් ප්‍රවේශ පත්‍ර කිහිපයක් ද මුද්‍රණය කෙරුණු අතර, එම ප්‍රවේශ පත්‍ර දකුණු ඉන්දීය සුපිරි නළු රජ්නි කාන්ත්, සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හා ඉන්දීය ක්‍රිකට් වංශයේ ලිට්ල් මාස්ටර් හෙවත් සචින් ටෙන්ඩුල්කාර් යන අයට ලබා දීමට තීරණය වී තිබෙනවා. ඉන්දියා පාකිස්තාන ක්‍රිකට් තරගයට පෙර විශේෂ සැමරුම් උත්සවයක් ද සංවිධානය කර ඇති බව වාර්තා වනවා.