අද අලුයම ඇතිවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ ගිණිගැනීමකින් පන්නල පල්ලෙගම එලිබිච්චිය ප‍්‍රදේශයේ කුකුඵ ගොවිපොළක කුකුඵ පැටවුන් 3000 ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි.
මීගමුව ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුට අයත් අක්කර 17 ක පමණ භෑමි භාගයක පිහිටි මෙම කුකුඵ ගොවිපොළ තුල කුකුඵ පැටවුන් තිස්පන්දහසක් සිටිය හැකි ශාලා හතක් ඇති බවත් ඉන් එක් ශාලාවක් මෙසේ ගිණිගෙන ඇති බවත් පොලීසිය පවසයි.
කුකුඵ පැටවුන්ට අවශ්‍ය උණුසුම් ගතිය ඇතිකිරීම සඳහා නල මාර්ගයෙන් කිලෝ ග‍්‍රෑම් 37.5 ලිට්ට්‍රෝ වර්ගයේ ගෑස් සිළින්ඩර් තුනක් මෙම ශාලා තුළ සවිකර ඇති අතර ඉන් එක් ගෑස් ටැංකියක ඇතිවූ කාන්දුවක් හේතුවෙන් මෙම ගිණිගැනීම සිදුවන්නට ඇති බව පොලීසිය සැක කරයි.










