• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සත්‍ය කවදා හෝ ජයගන්නවා! එදා මම මේ රටේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනයේ වටිනාකම පෙන්නලා දෙනකොට මට අපහාස කළා! මට හිනාවුණා! මාව අවඥාවට ලක්කළා! අද මොකද වෙලා තියෙන්නේ? මට හිනාවුණු අයම විහිළුවකට ලක්වෙලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 2, 2025
in Exclusive
Reading Time: 22 mins read
A A
සත්‍ය කවදා හෝ ජයගන්නවා! එදා මම මේ රටේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනයේ වටිනාකම පෙන්නලා දෙනකොට මට අපහාස කළා! මට හිනාවුණා! මාව අවඥාවට ලක්කළා! අද මොකද වෙලා තියෙන්නේ? මට හිනාවුණු අයම විහිළුවකට ලක්වෙලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හදුන්නෙත්ති එදා සජිත්ට හිනාවුණු හැටි!

එදා මට විහිළු කළා!

හදුන්නෙත්ති නාගත් වීඩියෝව!

පසුගිය කාලයේ විපක්ෂයේ සිට තමා බලයක් නොමැතිව වැඩක් කළ බවත් සක්වල වැඩසටහන හරහා පාසල්වලට පරිගණක, ස්මාර්ට් බෝඩ්, මුද්‍රණ යන්ත්‍ර පරිත්‍යාග කරනවා සේම එහිදී ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය වර්ධනය කිරීමේ වැදගත්කම ද ඉස්මතු කළ බවත් මේවා රටට ඉදිරිපත් කිරීමේ දී දේශපාලන ප්‍රහාරවලට මුහුණ දීමට පවා සිදු වූ බවත් ඉංග්‍රීසි භාෂා දැනුම වැඩිවැඩියෙන් ලබා දෙන්න අවශ්‍ය බව පවසන විට සුහුරු අධ්‍යාපනය ගැන කියද්දි වෙනත් භාෂා හැදැරීම ගැන කියද්දි උසුලු විසුළු කළ බවත් මෝඩ කතා යැයි තමාට අපහාස කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සත්‍ය කවදා හෝ ජය ගන්නා බවත් පසුගිය දිනවල තමා කියූ කතාවල සත්‍ය ජනතාවට වැටහී ගිය බවත් තමා කිසිදින ඉංග්‍රීසි වැරදියට භාවිත කිරිම නිසා කිසිවෙකුටවත් විහිලු නොකරන බවත් ඉංග්‍රීසි භාෂාව වැරදි ආකාරයට භාවිත කිරිමට වගකිව යුත්තේ යාවත්කාලීන නොවූ ලෝකය යන රටාවට වෙනස් නොවූ යල්පැනගිය අධ්‍යාපනය බවත් එම නිසා දැන්වත් සත්‍ය අවබෝධ කර ගෙන ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ විහිලුකාරයන් නොවී මෙරට දරු පරපුරට වත්මන් පරපුරට සාධාරණත්වය ඉටු කරන්න අධ්‍යාපන ක්‍රමයේ පැහැදිලි වෙනසක් ඇති කර ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපති ගයාන් දර්ශන මහතා විසින් අම්පාර උහන ගෝනගල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන්ව හන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන අයිතිය කෝටි ප්‍රකෝටි පවුල්වලට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද හිමිවිය යුතු බවත් එය මූලික හා මානව අයිතියක් බැවින් තමාට කොතරම් පහර පිට පහර ගැහුවත් සත්‍ය හෙළිදරව් වී ඇති බවත් පසුගිය දිනවල ජාත්‍යන්තර සම්මේලනයේ දී සිදුවූ දේ ගැනවත් සිතා බරපතල ඌනතා විෂමතාවලට විසදුම් ලබා දීම පාලකයන්ගේ සේම මහජන නියෝජිතයන්ගේ ද වගකීම බැවින් ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙසත් රජයේ පාසල් සෑම එකකම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට මූලිකත්වය ලබා දිය යුතු බවත් ඒ සදහා අවශ්‍ය සම්පත් ලබා දිය යුතු බවත් මේ සඳහා අවශ්‍ය සියලු සහයෝගය විපක්ෂයක් ලෙස ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දහම් අධ්‍යාපනය සේම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ද පන්සල හරහා ප්‍රවර්ධනය කළ යුතුයි

දහම් පාසල් හරහා කුඩා කළ සිට දූදරුවන්ට ලබා දෙන දහම් අධ්‍යාපනය බෞද්ධ ප්‍රතිපත්තිවල දැනුවත් වීම යුක්තිගරුක ශිෂ්ටසම්පන්න නීතිගරුක සංවරශීලී රටට වැඩදායී මධ්‍යස්ථාන බිහි කරන පන්සල්වල පිහිටා ඇති පෙරපාසල් සහ දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් ඊට අමතරව ගමේ විහාරස්ථාන ඇතුළු අනෙකුත් සියලුම ආගමික සිද්ධස්ථාන ඒ ඒ ආගම ධර්මය ශක්තිමත් කරන මධ්‍යස්ථාන පමණක් නොව අපේ රටේ විශේෂයෙන්ම දරු පරපුරට තරුණ පරපුරට උසස් ගණයේ අධ්‍යාපනයක් ලබා දෙන කේන්ද්‍රස්ථාන බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලෝකයේ සිදුවන දැවැන්ත තාක්ෂණ විප්ලව අධි ශීඝ්‍රගාමීව සිදුවන විට අප රටේ යල්පැනගිය අධ්‍යාපන පද්ධතිය නිසා තවදුරටත් එකතැන පල්වෙමින් සිටින මොහොතක ගමේ නගරයේ විහාරස්ථාන තුළ නව තාක්ෂණ දැනුම ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළට ඔබින නව දැනුම සුහුරු අධ්‍යාපනය සෑම ආගමික සිද්ධස්ථානයක් කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක කළ යුතු බවත් නගරයේ කොටිපති පවුල්වලට පමණක් හිමි වූ මේ නව තාක්ෂණික අධ්‍යාපනය ගමේ නගරයේ සාමාන්‍ය පවුල්වල දුවා දරුවන්ට ද ලබා දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැවයි දාගැබයි ගමන් පන්සලයි යන ඉපැරණි සංස්කෘතික ශිෂ්ඨාචාරය නැවත වරක් ශක්තිමත් වෙමින් ගමේ පන්සල තුළ මේ මහා සංවර්ධන ක්‍රියාදාමය සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා මුල් තැන ලබා දී ඇති බුද්ධශාසනය තවදුරටත් ශක්තිමත් වන දැවැන්ත ප්‍රායෝගික බෞද්ධාගමික සංවර්ධන ව්‍යාපෘතිවල සුබපැතුම් එක් කරන බවත් ගමේ පන්සල හරහා දහම් සුවද උතුම් බුද්ධ ධර්මය ගම්මාන නගර පුරා ව්‍යාපෘත වන්නේ විහාරස්ථාන හරහා බවත් බුදු දහමේ අභිවෘද්ධිය උන්නතිය ගැන කතා කිරිම පමණක් නොව ක්‍රියාවෙන් ද විහාරස්ථාන පද්ධතිය ශක්තිමත් කරන ආගමික සංවර්ධන ව්‍යාපෘති උනන්දු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අද වන විට ගොවියා අන්ත අසරණයි

අද වන විට ගොවියාට උසස් බීජ සහ පොහොර නොලැබෙන බවත් රජයෙන් සොච්චම් සහනාධාරය ලැබෙන්නේ ගොවිතැන් කර අවසන් වූ පසුව බවත් ගොවියාගේ නිෂ්පාදනවලට ස්ථාවර මිලක් නොලැබෙන බවත් පාර්ලිමේන්තුවේ නීතියක් හරහා ගොවියාට අණපනත් හරහා ස්ථාවර මිල ලබා දෙන බවට විපක්ෂයේ සිටියදී වත්මන් රජයේ පාර්ශ්ව කිව්ව බවත් දැන් ඒවා ක්‍රියාත්මක කරන්න කාලය එළැඹ ඇති බවත් කියන දේ කරන්න කාලය එළැඹ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තෙල් සහ විදුලි බිල වැඩි කළේ අයි.එම්.එෆ් සිව්වැනි වාරිකය ගන්න

අයි. එම්. එෆ්. එක සිව්වැනි වාරිකය දෙන්නේ තෙල් මිල හා විදුලි බිල වැඩි කිරීම නිසා බවත් සමගි ජන බලවේගය විසින් පසුගිය රජය අත්සන් කළ ගිවිසුම වෙනස් කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටියත් එය ද නොවු බවත් ජනතාවගේ කරපිට අසීමිත බරක් පටවන්නේ නැතිව ගිවිසුම වෙනස් කරන්න කිව්වත් වත්මන් රජය එය නොකළ බවත් අයි. එම්. එෆ්. සිව්වැනි වාරිකය ලබා ගන්න විදුලි බිල තෙල් මිල වැඩ කළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අද අත්‍යාවශ්‍ය ඖෂධ හිගයි

අද වන විට රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ නොමැති බවත් හම්බන්තොට වැනි දිස්ත්‍රික්වල ද ඖෂධ හිගයක් ඇති බවත් මේ අඩුපාඩුකම් එක්ක නිදහස් සෞඛ්‍ය රැකගත නොහැකි බවට වෛද්‍යවරුද කියන බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කරන විට බොරු දේවල් නොකියා සිටින ලෙස රජයේ ඇමතිවරු කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාලකයන් පත් කරන්නේ ජනතාව මරා දමන්න නෙවෙයි

පාලකයන් පත් වන්නේ ජනතාව ජීවත් කරවීමට මිස මරා දැමීමට නොවන බවත් ජනතාව අපේක්ෂාවෙන් සිටින්නේ කියන දේ කරන රජයක් බවත් එබැවින් කියපු දේ කරන ලෙස ද විපක්ෂය රජයට කියා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

අල්ලස් ඉල්ලුවා කියලා හිටපු ඇමැති නිමල් සිරිපාලට ජපානය චෝදනා කරපු එයාර්පෝට් එකේ සිද්ධිය මතකද? ජපන් සමාගම අකුලගෙන යන්න ගියා! ජපානය ලංකාව එක්ක තරහ වුණා! නිමල් සිරිපාලට ඇමැතිකමත් නැතිවුණා! ඒ සියල්ල ගැන හොයන්න දැන් ජනාධිපති කමිටුවක් පත්කරලා! I Sri Lanka Latest News

Next Post

ජනාධිපති දැඩි තීන්දුවක් අරගෙන! මේකට නම් ආයේ ඔළුව උස්සන්න දෙන්නේ නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

Load More
මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News
Exclusive

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

බස් රථ හිමිකරුවකු හා පිරිසක් කඩා වැදි ධාවනය වෙමින් තිබු බස් රථයක රියදුරේකු හා කොන්දොස්තරවරයකුට එළියට ඇද දමා මහ මග...

Read more
අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.