• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ ආණ්ඩුවට පිළිගැනීමක් නෑ! අගමැතියි මේ ආණ්ඩුවයි දැන් යන්න ඕන! අලුත් ආණ්ඩුවක් එන්න ඕන! මම නායකත්වය දෙන්න ලෑස්තියි! ජාත්‍යන්තර සහයෝගය ගේන්නත් සූදානම්!

June 17, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
මේ ආණ්ඩුවට පිළිගැනීමක් නෑ! අගමැතියි මේ ආණ්ඩුවයි දැන් යන්න ඕන! අලුත් ආණ්ඩුවක් එන්න ඕන! මම නායකත්වය දෙන්න ලෑස්තියි! ජාත්‍යන්තර සහයෝගය ගේන්නත් සූදානම්!
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුවට පිළිගැනීම් නොමැති බවත්, වහාම මේ ආණ්ඩුව ඉවත් කොට සියල්ලන්ටම පිළිගත හැකි නායකත්වයක් පත් කර ගත යුතු බවත්, ඊට නායකත්වය ලබා දීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

අද .(17 ) පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

එහිදී සිරිසේන මහතා මෙසේද කීය.

නව ආණ්ඩුවක් යටතේ ස්ථීර වශයෙන්ම රටේ ප්‍රශ්ණ වලට විසඳුම් දියහැකියි. අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට මට පුළුවන්.
එයට නායකත්වය දීමටද මා සූදානම්.

අද වෙනකොට අර්බුදය ඌග්‍ර අතට හැරිලා තියෙනවා. මහ පාරේ පෝලිම් වල  මිනිස්සු මැරෙනවා. ප්‍රමාණය 11ක් පමණ වෙලා තියෙනවා. මේ අපි දන්නේ මහමග මැරෙන අය. ගෙවල්වල කීදෙනෙක් මේ අර්බුද නිසා මැරුණ ද කියන එක අපි දන්නේ නැහැ.

මට ගුරුවරියක් කිව්වා දවසට ළමයි හතර පස් දෙනෙක් ආහාර නැතුව කලන්තෙ හැදිලා වැටෙනව කියලා. ළමයි එක්ක කතා කරාම ළමයි කියනවා තාත්තට කෑම ගේන්න සල්ලි නැහැ කියලා.

ආහාර නෑ. ඩීසල් පෙට්රල් නෑ. ඖෂධ නෑ. මේ කිසිම දෙයක් ගේන්න ඩොලර් නෑ. මම අහගෙන හිටියා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වෙනදා දුවන බස් වලින් 25% යි දැන් පාරේ දුවන්නේ කියලා.

ඒ විතරක් නෙවෙයි, මාරාන්තික විදිහට දුක්විඳලා දුම්රියේ රාජකාරියට, පාසලට යන එන ළමයි, සේවකයෝ මම දැක්කා. ඒ වගේ දුක් කන්දරාවක් තමයි අද රටේ ජනතාව විදින්නේ.

පොලොන්නරුවේ කුඹුරු කරල තියෙන්නෙ ඒත් 25% ක්. ඒ අයට කුඹුරු කරන්න යන්ත්‍ර වලට ඩීසල් නෑ. ඒ නිසා ලොකු අර්බුදයකට ඉදිරියේ මුහුණදෙන්න වෙනවා. මම පෙරෙදා පොළොන්නරුවේ සිට කොළඹට ආවේ මම එන මඟ දිගේ හැම පෙට්රල් ශෙඩ් එකකම පෝලීම්. හැමතැනම හිර වෙලා. මම කුරුණෑගලින් නුවර පාරට එන අතුරු පාරට දැම්මා. එහෙම තමයි කොළඹ ආවේ. ඒ මේක තමයි රටේ තත්වේ.

ආහාර ගබඩා වල තියෙන දේවල් ප්‍රවාහනය කරන්න තෙල් නෑ. මේ නිසා ආහාර සැපයුම් ජාලය කඩාවැටිලා. එකෙන් ආහාර අර්බුදයක් ඇති වෙනවා. මේ නිසා සමස්ත රටේ ප්‍රශ්න ගණනාවක් එනවා. නිෂ්පාදනය කරන ලද ආහාර වෙළඳපොලට එන්නැති නිසා.

මම දැක්කා ආණ්ඩුවේ මැති ඇමතිවරු කියනවා වෙන ආණ්ඩුවක් ආවොත් මෙම ප්‍රශ්නය විසඳෙනවා ද කියලා. ඔව් මම පැහැදිලිව කියනවා අපි කියන විදිහේ ආණ්ඩුවක් ආවොත් පැහැදිලිවම ඉතා කෙටි කාලයකින් මේ ප්‍රශ්නය විසඳන එක. මට කියන්න පුළුවන් මම දන්න විශේෂඥයන්,  රාජතාන්ත්‍රික නිලධාරීන් සමග සාකච්ඡා කරා. ඔවුන් සඳහන් කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා යම් වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වෙනවනම් මේ අර්බුදය විසඳන්න පුළුවන්. එහෙම වුනොත් විදේශ රටවල් උදව් කරන්නත් ලෑස්තියි.

එම ආණ්ඩුවට කැබිනට් මණ්ඩලය 15ක් මම දන්න විදියට නිශ්චිත වැඩපිළිවෙලකට ක්‍රියාත්මක වෙනවා නම් පැහැදිලිවම ජාත්‍යන්තර සහයෝගයක් ලබා ගන්න පුළුවන්. සර්ව පාක්ෂික ආණ්ඩුවක් විය යුතුයි.

මේ ආණ්ඩුවට ජනතාවගේ පිලිගැනීමකුත් නැහැ. ජාත්‍යන්තරයේ පිලිගැනීමකුත් නැහැ.
ජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව පිළිගත් ආණ්ඩුවක් බිහි කළ යුතුයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා මම මුලින්ම කිව්වේ කෝවිඩ් 19 වසංගතේ කාලේ. එතකොට මම ආණ්ඩු පක්ෂයේ හිටියේ. මම මේ අර්බුද අනාගතයේ එන බව දැනගෙන හිටියේ. නමුත් ඒ වෙලේ කවුරුත් ගණන් ගත්තේ නෑ.
අපි මේ අර්බුදය විසඳන්න ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරු පැහැදිලි කරා. ඒ වගේම ලිඛිතව අපි යෝජනා ඉදිරිපත් කරා. කළ යුතු හැමදේම අපි කරා. යහපත් ප්‍රතිචාර හම්බවුනේ නෑ. අද බැලුවහම ජනාධිපතිවරයා කොමිසන් සභා පත්කරනවා. නිලධාරියෙක් පත්කරනවා. සාකච්ඡා පවත්වන අගමැතිතුමාත් කොමිටි පත්කරනවා. නිලධාරී පත්කරනවා, ඇමතිවරු පත් කරනවා, බැලුවහම දෙන්නම යහපත් අවබෝධයකින් යුතුව වැඩ කරනවා කියලා පේන්නෙ නැහැ. ඒ නිසා අර්බුදය තවත් උග්‍ර අතකට යනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් යටතේ පැහැදිලිවම ඒ රට ගොඩනගන්න පුළුවන්. ආණ්ඩුවේ ඇමතිවරු අහන ප්‍රශ්නයට මම උත්තරයක් දෙනවනම්, අලුත් ආණ්ඩුවක් ආවොත් පැහැදිලිවම රට ගොඩගන්න පුළුවන්. උදව් කරන්න ජාත්‍යන්තර ප්‍රජාවත් ඉන්නවා.

අපිට මිත්‍ර රටවල් ගනනාවක් තියෙනවා. ජපානය කියන්නේ  අපේ රටේ මිත්‍රයෙක්. නමුත් ජපානයේ තරහ කරගෙන මේ ආණ්ඩුව. ඒ නිසා ජපානයේ හිත දිනා ගත්තොත් අපිට ජපානයෙන් උදව් ගන්න පුලුවන්. ඒ වගේම හොඳ මිතුරෙක් තමයි රුසියාව. අපේ ප්‍රශ්න ගොඩකට රුසියාවේ විසඳුම් තියෙනවා. තෙල්, පොහොර, කෘමිනාශක තියෙනවා. ආහාර තියෙනවා. හැබැයි ඒත් Aeroflot ගුවන් යානය රඳවා තබාගෙන රුසියාව තරහා කරගත්තා. ඒ නිසා මේ ආණ්ඩුවේ ක්‍රමය ගැන මිත්‍ර රටවල් සුබවාදීව දකිනේ නැහැ.

මීළඟට මම කතාකරන්නේ 20 වැනි සංශෝධනය පිළිබඳව. 21 වැනි සංශෝධනයට අපි ඉතාමත් කැමතියි. මම 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරලා ජනාධිපතිවරයාගේ බලතල අඩුකරලා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය ගෙනල්ලා ලෝක ඉතිහාසයට මම බලතල අඩු කර ගත්ත රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එකතු වුණා.

ඒ නිසා 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන බොහෝ දේවල් 21ට ඇතලත් වෙනවා. ඒ නිසා විශ්වාස කරල 21 වැනි සංශෝධනය ගෙනඒම මට සහ අපි ඉතාමත් කැමතියි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේ දී ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා කැබිනට් මණ්ඩලය අනුමත උනාට පස්සේ අපිට බලලා තීන්දු තීරණ ගන්න පුළුවන්.

ඒ 19 වැනි සංශෝධනයේ අඩුපාඩු තිබුණා. බරපතල අඩුපාඩු තිබුණා. ඒ අඩුපාඩු 21 න් විසඳිලා තියනවද කියල බලන්න ඕනේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කාරක සභා යටතේ කතානායකවරයාට විධායක බලතල ගණනාවක් එකතූ වෙලා තිබුණා. එකෙන් ගැටලු ගණනාවක් මතු වුණා. ඒ නිසා ඒ ආකාරයෙන් තවත් විධායකයක් නිර්මාණය වීම වැළැක්වීම 21 න් සිදුවිය යුතූයි.ඒ ගැන අපි සලකා බලනවා.

පැහැදිලිවම විධායක ව්‍යවස්ථාදායක අධිකරණය යන ආයතන තුනේම බල තුලනයක් තිබිය යුතුයි. සමානාත්මතාවය රැකෙන අධිකරණය ස්වාධීන වෙන්න ඕන. එසේ නොවුනහොත් අපි යෝජණා එයට ඉදිරිපත් කරනවා. පැහැදිලිවම අර්බුද ඇති නොවිය යුතුයි. මගේ කාලයේ ව්‍යවස්ථාදායක සභාවට මා යවන නම් වෙනස් කරලා වෙනත් නම් යෝජණා කරන්න කියලා ඉල්ලීම් කරනවා. ඒ හැම දෙයක්ම සිද්ධවුණේ දේශපාලන අරමුණෙන්. කථානායකවරයාට දේශපාලණය කරන්න පුළුවන් වෙන බලයක් 21 වැනි සංශෝධනයෙන් හිමි නොවිය යුතුයි. 19න් එය සිද්ධ වුණා. ඒ වෙනුවෙන් තිබෙන්නා වූ දේ පිළිබඳව 21 වැනි සංශෝධනයෙන් අපි සලකා බලනවා.

මේ දවස් වල YouTube නාලිකාවක මම දැක්කා එක්තරා තරුණ දේශපාලන පක්ෂයකට අයිති පුද්ගලයෙක් සඳහන් කරනවා, මම මහබැංකු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පිටු කඩල අයින් කරලා තියෙනවා කියලා. “ඒකෙ තමයි නම් තියෙන්නෙ මෛත්‍රිපාල සිරිසේනට සහ පවුලේ කට්ටියට සල්ලි දීපු තොරතුරු” පිළිබඳ. ඒ පිටු ටික තිබුනනම් ඒක ඇතුලේ නම් ටික හොයා ගන්න තිබුන කියලා සදහන් කරනවා.

මේක ද්වේශ සහගත ප්‍රකාශයක්. මම කියන්න ඕනෙ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් යටතේ සිදුකරපු කොමිසන් සභාවේ නිලධාරීන් අදටත් රාජ්‍ය සේවයේ සිටිනවා. ඒ වගේ අයෙක් ඒ චරිත ඝාතනය කිරීම වැරදියි. මම කියන්න කැමතියි එහෙම සැකයක් තියෙනවා නම් නීතීඥයින් මාර්ගයෙන් ඕනෑම පියවරක් ගන්න. එහෙම ඕනෑම චෝදනාවක් තියෙනවා නම්, මම ලෑස්තියි ඕනෑම මාධ්‍යක් ඉදිරියේ සාකච්ඡාවක් කරන්න. මම කියන්න කැමැතියි, කිසිම ආකාරයකින් මගේ දේශපාලන ඉතිහාසයේ එවැනි දූෂණ වංචාවලට සම්බන්ධ වෙලා නෑ. ඒ නිසා බොරු කරුණු වලට විවිධාකාරයේ චෝදනා මිනිසුන්ට එල්ල කරනවට වඩා සුදුසු වන්නේ සත්‍ය වූ කරුණු මත පදනම්ව අදහස් ප්‍රකාශ කරන ලෙසයි. මං හැමෝටම කියනවා බොරු දේවල් සමාජගත කරන්නැතුව සත්‍ය වෙනුවෙන් පෙනී සිටින කියලා.

මාධ්‍යවේදී ප්‍රශ්ණය:-

හිටපු ජනාධිපතිතුමා, වර්ථමාන ජනාධිවරයා ප්‍රකාශ කරනවා වසර 2කම ධූරයේ රැදී සිටිනවා කියලා. ඒ කියන්නේ අපි තවත් අවුරුදු 2ක් දුක් විඳිය යුතුද?

පිළිතුර:-

ජනාධිපතිවරයා සඳහන් කරන්නේ අසාර්ථක රාජ්‍ය නායකයෙකු ලෙස ධූරයෙන් සමුගන්න නොහැකි බවයි. එතුමා සාර්ථක වනතුරු බලා සිටින්නට සිදු වෙනවා.

මාධ්‍යවේදී ප්‍රශ්ණය:-

ඔබතුමා සඳහන් කලා සර්වපාර්ශවික රජයක් පිහිටුවූවහොත් ජාත්‍යන්තර සහය ලැබෙන බවත් ප්‍රශ්ණ විසඳිය හැකි බවත්. එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වෙනස් විය යුතුද? ඔබතුමා එය භාරගෙන රටේ ප්‍රශ්ණ විසඳන්න සූදානම්ද?

පිළිතුර:-

ස්ථීර වශයෙන්ම පක්ෂ කායකයන් විසින් නම් කරන අග්‍රාමාත්‍යවරයෙක් එම තනතුර ලබාගත යුතු වෙනවා. මම නෙවෙයි ඕනෑම කෙනෙකුට එහෙම වුණොත් ජාත්‍යන්තර සහාය ලබාගන්න පුළුවන්. 2019 මා යන විට ඩොලර් බිලියන 7.5ක් ඉතුරු කරලා ගියේ. මට ඕනේ ඒ තැනට රට ගේන්න. මට පුළුවන් 2015 තිබුන ජාත්‍යන්තර සහයෝගය අනිවාර්ය්‍යයෙන්ම මේ රටට ලබා දෙන්න.

SendShareShare
Previous Post

මහබැංකුව කෝටි 2700ක් හදිසියේම අච්චු ගහයි!

Next Post

බැසිල් හදිසියේම රෝහල්ගත කරයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.