හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ හෙට (08) පෙරවරුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව එම කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය පැවසුවාය.
හෙළි නොකළ වත්කම් භාවිත කරමින් විවිධ ආයෝජන සිදුකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් පසුගියදා සිදු කළ පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්ව මගින් ඒ මහතාගේ නම ද අනාවරණය වී තිබුණි.
ඒ අනුව පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්වේ සඳහන් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඊයේ නියෝග කර තිබුණි.










