මහානායක හිමිවරුන් ඉල්ලා සිටින ආකාරයේ රටට සහ ජනතාවට වඩාත් සුදුසු සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම තමන් සූදානම් බව සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (15) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එවැනි ආණ්ඩුවක් පිහිටුවා ජාත්‍යන්තරය දිනාගැනීමට තම පක්ෂය සූදානම් වුවද පොහොට්ටුවේ ප්‍රබලයන් විශාල ලෙස මුදල් යොදවමින් ඔවුන්ට අවශ්‍ය පරිදි පෙර පැවැති ආකාරයේ ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහයක මේ වන විට නිරතව සිටින බවයි.










