විහාරස්ථාන දියුණු කිරීම වැදගත් නැහැ කියා මතයක් ගොඩ නැගී යන බවත් තමා විසින් විහාරස්ථාන කේන්ද්‍ර කර ගෙන ධානපතියන් සහ පරිත්‍යාගශීලීන් හා එක්ව චෛත්‍ය ගොඩ නැගීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළත් එය විවේචනය කරමින් සමාජ මාධ්‍ය හරහා මඩ ව්‍යාපාරයක් ගෙන යන බවත් මේ කිසිවකට රජයේ මුදල් යොදා නොගත් නිසා සමහර බෞද්ධයන් පවා මෙය විවේචනය කළ බවත් මේ කුහක කම තුළ කිසිදා සම්බුද්ධ සාසනය සුරක්ෂා කිරීමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
පසුගිය කාලයේ බෞද්ධකම භාවිත කළේ ජනාධිපති, අගමැති පදවි ලබා ගැනීමටත් රාජ්‍ය බලය ලබා ගැනීමට වුවත් එසේ නොවිය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා බුදු සසුනට සුවිශේෂී තැනක් හිමිවන බව පැවසුවත් එය හරිහැටි ක්‍රියාත්මක නොවන බවත් රටේ නායකයා ප්‍රමුඛ අනෙකුත් අය උත්තරීතර රටේ නිතිය පවා කඩා දමා මිහින්තලා පුදබිමේ, දිඹුලාගල පන්සලේ ඇතුළු ආගමික සිද්ධස්ථාන රැසක විදුලිය කපා රතු නිවේදන පවා යවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ නිසා කයිවාරු බෞද්ධයන් බිහි වන නමුත් රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් බවත් වත්මන් විපක්ෂය කිසිදු අවස්ථාවක දේශපාලන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට ආගම යොදා නොගන්නා බවත් ජාතීන් ආගම් අතර සාමකාමී පරිසරයක් ඇති වන විට ජාතික ආරක්ෂාව පවා සුරැකෙන බවත් වද කොත්තු වද සැත්කම් ගැන කියන විට එය නැතිවෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පසුගිය කාලයේ සිටි පාලකයන් ජාතික සමගිය වෙනුවෙනට ජාතික අසමගිය බෙදාහැර ආගම් ජාති අතර වෛරයක් ඇති කිරීමට කටයුතු කළ බව යි.
ඒකීය භාවය, සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, නොබැදුනු නොබෙදුනු බව කොළයකට පමණක් සීමා නොවී සෑම ශ්‍රීලාංකිකයකුගේම හදවතේ තිබිය යුතු බවත් එවිට රට සුරක්ෂිත වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (10) ගාලු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිප්‍රාප්ත උනන්විටියේ පේමරතන නායක හිමියන් සන්නස්පත්‍ර ලබා ගැනීමෙන් පසු උන්වහන්සෙ පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමිනි
රට ගොඩ ගැනීමේ දී ශ්‍රී ලාංකික පුරවැසියකු පමනක් නොව ගොලීය පුරවැසියකු බිහි කිරීමේ ගමන මුල් ළමා වියේ දීම සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. ආගමික සිද්ධස්ථාන තුල නව තාක්ෂණය රටේ තාරුණයයට ලබා දෙන වැඩසටහනක් ආරම්භ කරන බවත් ශිෂ්ටසම්පන්න සුචරිත ජන සමාජයක් ගොඩ නැගීම උදෙසා ආගම්වලට කේන්ද්‍රීය වූ දහම් පණිවිඩය ලබා දෙන අතරතුර නව තාක්ෂණය ඔස්සේ උසස් අධ්‍යාපනය ලබා දෙන මධ්‍යස්ථාන ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන් ම රට හැදෙන්න නම් අපිත් හැදිය යුතු බවත් මේ වන විට රටේ ජනතාවට ඇත්තටම වැඩ කරන්නේ කවුද කියා තීරණය කිරීමේ හැකියාව ලැබී ඇති බවත් එය ගැසට් එකට ද චක්‍රලේඛයට ද කමිටුවට සිමා නොවී ප්‍රායෝගික ව රටට වැඩ කරන්නේ කවුද කියා තීරණය කිරීමේ කාලය උදා වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් පැවසීය.
තව ද බාල ඖෂධ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පසුගිය විශ්වසභංග ඡන්දයේදී මිනිසුන් මරණ මංචකයට ගෙන යන්න කැමති බාල බෙහෙත් ගේන්න කැමති සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන්න කැමති ඩොලර් කොමිස් ගන්න කැමති 113ක් සිටි බවත් 74 දෙනකු පමණක් ජනතාව ජීවත් කරවීමටට ඡන්දය ලබා දුන් බවත් පැවසීය.



















