දිවයිනේ නැගෙනහිර ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බැවින් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට තවදුරටත් පවතින වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම හේතුවෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලටත් කඩින්කඩ වැසි තත්ත්වයන් ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව කියයි.
මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි සහ තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බවද පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලටත්, මඩකළපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි තත්ත්වයන් ඇති විය හැකි බවද කියයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










