• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ඇතුළු වියමන්’ – ප්‍රඥාවෙත් ආනන්දයක් තියෙනවා! Sri Lanka Latest News

December 15, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
‘ඇතුළු වියමන්’ – ප්‍රඥාවෙත් ආනන්දයක් තියෙනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඇතුළු වියමන්’ කියන්නෙ ඔබේ දෙවැනි ශාස්ත්‍රීය කෘතිය. ඔබ නිර්මාණ කෘති වගේම ශාස්ත්‍රීය කෘති ලියන්නත් එක වගේ කැමැත්තක් දක්වන බව පේනවා? (Sri Lanka Latest News)
ලියන්න විතරක් නෙමෙයි නිර්මාණ කෘති හා සමානවම ශාස්ත්‍රීය කෘති කියවන්නත් මම වැඩිපුර කැමැතියි. ඒ විතරක් නෙමෙයි මං වැඩිපුර මිලදී ගන්න පෙලඹෙන්නෙත් ශාස්ත්‍රීය කෘති. කලාව ගැන කියද්දී ඉතා ජනප්‍රියව ගන්න උදාහරණයක්නෙ කලාව මිනිසා ආනන්දයෙන් ප්‍රඥාවට අරන් යනවා කියන එක. ඇත්තටම බලද්දි ආනන්දයේ විතරද ප්‍රඥාව තියෙන්නෙ. මට අනුවනම් ඕකෙ අනික් පැත්තත් තියෙනවා. මට ප්‍රඥාව තුළත් විශාල ආනන්දයක් දැනෙනවා. අලුත් දෙයක් දැනගද්දි, කියවද්දි, හදාරද්දි දැනෙන්නෙ ලොකු සතුටක්. ආනන්දයක්. ඒක කවියක්, නවකතාවක්, කෙටිකතාවක් කියවද්දි, නාට්‍යයක්, චිත්‍රපටයක් නරඹද්දී, සිංදුවක් අහද්දි දැනෙන ආනන්දයට වඩා දෙවෙනි එකක් නෙමෙයි. ඉතිං මම කැමතියි මට පුළුවන් හැටියට ශාස්ත්‍රීය කෘති ලියන්නත්.
අනික් කාරණය තමයි මේ විදිහේ කෘති ලියද්දී මාත් අලුතින් දේවල් ඉගෙනගන්නවා. ඒ වගේම අමතක වෙමින් තියෙන දේවල් ආපහු මතක් කරගන්නවා, අභ්‍යාස කරනවා. මොකද ශාස්ත්‍රීය කෘතියක් ලියද්දි ආවාට ගියාට හිතේ තියෙන දේවල් ලියන්න බෑනේ. නිර්මාණ කරද්දී හැමෝම ආවාට ගියාට ඒවා කරනවා කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නෑ. සමහරු ඉන්නවා විශාල පර්යේෂණ කරනවා නිර්මාණයක් කරන්න කලින්. නමුත් ශාස්ත්‍රීය කෘතියකදී ඒකට අනිවාර්යයෙන්ම වෙනම කියවන්න, හදාරන්න, තර්ක කරන්න, සටහන් තබාගන්න වෙනවා.

ඔබේ සිනමා ශානර මීමංසා කෘතියෙන් සිනමාවේ ශානරයන්ට අමතරව විවිධ සිනමා රැලි සම්ප්‍රදායන් වගේම සිනමාවේ ඉතිහාසය ආදිය ගැන සිනමාව හදාරන අයට ඉතා වැදගත්වන පුළුල් විෂය වපසරියක් ආවරණය කරනවා. ඇතුළු වියමන් පොතේ මූලික ව්‍යුහය මොන වගේද?
‘සිනමා ශානර මීමංසා’ පොත තුළ ඒ ඒ මාතෘකාවට අදාළ න්‍යාය, තොරතුරු අඩංගු කොටසකින් හා ඒවා තවදුරටත් සිනමා කෘති ආශ්‍රයෙන් කිරා බැලෙන විචාර කොටසකින් යුක්ත වෙනවා. ඒ පොතේ තියෙන හැම මාතෘකාවක් වගේම ඒ දෙකොටසින්ම තමයි විග්‍රහ කෙරුණේ. මොකද යම් දෙයක් පාඨකයාට පැහැදිලිව තේරුම්ගන්න, ඒත්තු යන්න ඒවා න්‍යායාත්මකව පවසලා විතරක් තේරුමක් නෑ. ඒවා උදාහරණ මගින් පෙන්වා දීම ඉතාම වැදගත්.
‘ඇතුළු වියමන්’ පොතෙත් හැම මාතෘකාවකම ඒ විදිහට න්‍යාය කොටසක් වගේම විචාර කොටසක් තියෙනවා. නූතන සිංහල කවියේ හා කාව්‍ය විචාරයේ පදනම් සාකච්ඡා කරලා බලන එක තමයි මූලික වශයෙන් මේ කෘතියෙන් කෙරෙන්නෙ. නමුත් මේකේ තියෙන මූලික විෂය කොටස හැම කලාවකටම අදාළයි. මේකෙ කවියට වැඩි බරක් තියෙන්න එකම හේතුව මේකේ විචාරාත්මකව සාකච්ඡා කරන උදාහරණ බොහෝ විට කවි වෙන නිසා විතරයි. නැතිව මේක කවියට විතරක් සීමා වෙච්ච කෘතියක් නෙමෙයි. ඉතින් ඇතුළු වියමන් පොත පොදුවේ කලාව ඉගෙනගන්නා ශිෂ්‍යයාටත්, විචාරකයාටත්, පොදු රසිකයාටත්, කලා නිර්මාණකරුවන්ටත් එක සේ වැදගත් කෘතියක් කියලා කියන්න පුළුවන්

මේ කෘතියේ සාකච්ඡා කරන්නේ මොන වගේ මාතෘකාවන්ද කියලා ඔබම කීවොත්?
‘ඇතුළු වියමන්’ තුළ මාතෘකා ගණනාවක් සාකච්ඡා කෙරෙනවා. උදාහරණයක් විදිහට ලංකාව තුළත්, ලෝකය තුළත් ස්ත්‍රිය පිළිබඳ සාම්ප්‍රදායික දැක්ම ගොඩනැඟුණේ කොහොමද කියලා වගේම ස්ත්‍රීවාදය ගැනත් කෙටියෙන් සහ සරලව සාකච්ඡා කරනවා එක පරිච්ඡේදයකදී. විචාර වියමන කියලා හඳුන්වන ඒ මාතෘකාවේම දෙවැනි කොටසේදී කරන්නේ ඒ සියල්ල නූතන කවිය තුළ නිරූපණය වෙන්නෙ කොහොමද කියලා දීර්ඝ විචාරාත්මක කියැවීමක් කරන එක.
ඊට අමතරව මාක්ස්වාදී දේශපාලනික දර්ශනය, පශ්චාත් මාක්ස්වාදය වගේ දේවල් තවත් පරිච්ජේදවල න්‍යායාත්මකවත් සාකච්ඡා කෙරෙනවා. ඒවා නූතන කවිය කෙරේ බලපාන්නේ කොහොමද යන්නත් මෙහිදී සලකා බලනවා. ඒ විතරක් නෙමෙයි, ආගම් සහ බෞද්ධ දර්ශනය, සාංදෘෂ්ටිකවාදය වගේ බොහෝමයක් දේවල් ගැන මේ පොතේ න්‍යාය කොටස තුළ ඉතා සරලවත් කෙටියෙනුත් පැහැදිලි කෙරෙනවා. මේ විෂයන් ඉතා ගැඹුරු සහ විශාල විෂය පරාසයක් තියෙන ඒවා වුණත් ඒවායේ අවශ්‍යම කොටස් ඉතා සරලව ගන්න මම මෙම පොතේදී වෑයම් කළා.

සමස්තයක් විදිහට ගත්තාම හැම පරිච්ඡේදයකම දෙවැනි කොටස වන විචාර කොටස තුළ ආරියවංශ රණවීර, රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, එරික් ඉලයප්ආරච්චි, ලක්ෂාන්ත අතුකෝරල වගේ කවීන් රාශියක්ගේ නිර්මාණ මේ කෘතියේදී විවිධ මාතෘකා ඔස්සේ දීර්ඝ කියැවීමකට ලක්වෙලා තියෙනවා. එතනදි වැදගත්ම දේ තමයි ඇතැම් කවි අර්ථ කීපයක කියවලා තියෙන එක.

එක නිර්මාණයක් විවිධ අර්ථවල කියවන එක සාර්ථක වැඩක්ද? නැතිනම් ඒක යම් කෘතියක් අරගෙන එහි රචකයාගේ අරමුණුවලින් පවා සම්පූර්ණයෙන් බැහැරව හිතුමතේ කරන සෙල්ලමක්ද?
කලා කෘතියක් සමාජයට දුන්නාට පස්සෙ ඒකෙ අර්ථ සම්බන්ධයෙන් කලාකරුවා එතැනින් එහාට අදාළ වෙන්නෙ නෑ කියන එක වි්‍යුහවාදීනුත් පශ්චාත් ව්‍යුහවාදීනුත් කිව්වානෙ. විශේෂයෙන් රෝලන්ඩ් බාත්ගේ ඔයැ ෘැ්එය දf එයැ ්මඑයදර කියන ප්‍රකට අදහසින් කියවෙන්නෙ ඒක. ඒ ලේඛනයේදී බාත් යම් පඨිතයක තිබිය හැකි අසීමිත අර්ථ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. යම් කෘතියක තියෙන සංඥාවල අවසාන තේරුමක් නෑ, ඒවා තව තවත් අලුත් අර්ථ ප්‍රාර්ථනා කරන බවයි බාත් පෙන්නලා දෙන්නෙ. ඒ නිසා කවියක් කෙටිකතාවක් නවකතාවක් නෙමෙයි ඕනෑම කලා කෘතියක් රසිකයා තුළ එකිනෙකාට වෙනස් අර්ථ දනවන්න පුළුවන්.

ඕනෑම කලා කෘතියක් ගැඹුරින් කියවගන්නත් විවිධ අර්ථවල කියවගන්නත් රසිකයා තුළත්, කලාකරුවා තුළ වගේම වියුත්පත්තියක් – දැනුමක් තියෙන්න ඕන. ඒ වගේම අභ්‍යාසයක් තියෙන්නත් ඕන. විචාරශීලීත්වයක් තියෙන්නත් ඕන. ඇතුළු වියමන් වගේ පොත්වලින් කරන්නේ කලාකරුවා තුළ වගේම රසිකයා තුළත් තියෙන ඒ හැකියාවන් පරීක්ෂා කරමින් දියුණු කරන එක.

මේ වන විට ඔබ කරමින් ඉන්න වැඩ මොනවාද? මොන වගේ පොත්ද ඉදිරියේදී එන්න නියමිත?
මේ වන විට පොත් කිහිපයකම වැඩ අවසන් කරමින් ඉන්නෙ. එකක් කෙටිකතා පොතක්. ඒකේ විවිධාකාර සමාජ දේශපාලනික තේමාවන් සාකච්ඡා කෙරෙන කතා කිහිපයක් තියෙනවා. ඒ වගේම පළවෙන්න තියෙන තවත් පොතක් තමයි “උමතු කෙල්ලකගේ ආදර ගීතය” කියන පරිවර්තිත කවි පොත. ඒකේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, පැබ්ලෝ නෙරූදා, සිල්වියා පාර්ත්, රසුල් ගම්සොටොව්, කැරොල් ඈන් ඩෆී වගේ විශිෂ්ට කවි කිවිඳියන් රාශියකගේ කවි අඩංගු කෘතියක්.

මීටත් අමතරව තවත් ශාස්ත්‍රීය පොතකත් වැඩ අවසන් කරලා තියෙනවා. දේශපාලනය, කලාව, සාහිත්‍ය, සිනමාව, සංස්කෘතිය ආදී දේ ගැන ලියැවුණු කෙටි රචනා එකතුවක් තමයි ඒක. කොහොම වුණත් මේ පොත් තුනම හරි දෙකක් හරි ලබන අවුරුද්ද මුල වෙද්දී කරන්න තමයි මගේ අදහස. ඒ වගේම නවකතාවක වැඩ පටන්ගන්නත් නිතර හිතනවා. ඒත් තාම ඒක ක්‍රියාවට නංවන්න බැරි වුණා. ඒ වැඩේටත් අත තියන්න ඕනෙ ඉක්මනටම.

SendShareShare
Previous Post

දෙවැනි බෝම්බයත් පිපිරෙයි! නියෝජ්‍ය කතානායකට එරෙහිව ලබන සතියේ වෛද්‍ය සභාවට-මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න සූදානමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

නියෝජ්‍ය ඇමැතිවරුන් 5 දෙනකුට අනුරගෙන් උසස්වීම්! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.