ජනාධිපති සමාවට මුවා වී, මරණ දඩුවම නියම වී රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිදවන මේරි ජුලියට් යන අයද නිදහස් කර තිබෙන බව, නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ.Sri Lanka Latest News
හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිදට මරණ දඩුවම නියම වී තිබුණේ, කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙනි.
කොළඹ මහාධිකරණය, එම නඩු තීන්දුව ලබා දී තිබුණේ දෙදහස් පහ වසරේ දී ය.
ජනාධිපති පොදු සමාව යටතේ, මරණ දඩුවම නියම වූ සිරකරුවන් නිදහස් නො කරන බව පැවසේ.
කෙසේ වෙතත්, හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු ගේ බිරිද මුදාහැර ඇත්තේ කවදාද යන්න හෙළිකර නොතිබුණි.










