වත්මන් රජයට එරෙහිව ලබන 03 වැනි ඉරිදා සවස 3ට මුළු රටම පාරට බැස විරෝධය පළකිරීම සදහා ජනතාව පෙළගස්වමින් මේ වන විට සමාජ මාධ්‍යවල දැවැන්ත ප්‍රචාරණයක් ආරම්භ වී තිබෙනවා.
විපක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂ රැසක් සහ සිවිල් සංවිධානද ඊට සහාය ලබාදීමට ඉදිරිපත්ව ඇති පසුබිමක ජාතික ජන බලවේගය ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සිය ෆේස්බුක් පිටුවට නිවේදනයක් යොමු කරමින් සඳහන් කරන්නේ මෙවැනි පීඩාකාරී අවස්ථාවක ආණ්ඩුවට විරෝධය පළ කිරීමට ජනතාවට අයිතියක් ඇති නමුත් සංවිධානය කරන්නකු නොමැති, වගකීම් විරහිත විරෝධතාවන් පිටුපස අනතුරක් ඇති බවයි.
අනුර කුමාර දිසානායක මහතා නිකුත් කර ඇති ප්‍රකාශය පහතින්.










