ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගුවනින් ගොස් ප්රදේශ කිහිපයක ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කළේය. Sri Lanka Latest News
රුවන්වැල්ලේ පැවති ජනහමු කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව නැවත කොළඹ බලා එන අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙලෙස ගංවතුර උවදුරු පැවැති ප්රදේශ හරහා ගමන් කළේය.
ජනාධිපතිවරයා කඩුවෙල, රුවන්වැල්ල, ඉංගිරිය, බුලත්සිංහල, බදුරලිය, නෙළුව, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම ප්රදේශවල ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කළේය.









