දෙමළ පක්ෂවල නියෝජිතයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අනිද්දා (21) පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් පවසනවා. Sri Lanka Latest News
එහිදී ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින පිරිස් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.
පසුගිය දා දිවයිනට පැමිණි ගෝලීය දෙමළ සංසදයේ නියෝජිතයින් පිරිසක් සහ භික්ෂුන් වහන්සේ පිරිසක් ඉදිරිපත් කළ ‘හිමාලයා ප්‍රකාශනය’ පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.










