ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මුළු මනින්ම යටපත් කරමින් මාර්ගගත ආරක්ෂණ පනත ආණ්ඩුව විසින් ලහි ලහියේ පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් බවත්, මෙම පනත සම්මත කරගත් ආකාරය පාර්ලිමේන්තු සම්ප්‍රදායටත් පටහැනි බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ පවා උල්ලංඝනය කරමින් මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගත් බවත් අද ( 29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේය.Sri Lanka Latest News
මෙම පනත සම්මත කර ගැනීමේ දී කතානායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව සැකයක් මතුවන බවත්, කථානායකවරයා මෙවැනි පනතකට අත්සන් කිරීමේදී දෙපාරක් සිටිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙවැනි පනත් ගෙන එන්නේ ආණ්ඩුවේ මතය සමාජගත කිරීමේ පටු දේශපාලන අරමුණු මුල් කරගෙන බව කී පීරිස් මහතා මෙම පනත නීතිගත වූ පසු ආර්ථික සමාජීය හා සංචාරක කර්මාන්තයේ යන ක්ෂේත්‍රය කෙරෙහි විශාල ප්‍රහාරයක් එල්ල වන බවත්, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශ නිසා ජාත්‍යන්තරයේ අප්‍රසාදයට ලංකාව පත්වන බවත් කියා සිටියේය.
සමගි සන්ධාන ආණ්ඩුවක් යටතේ මෙම පනත අහෝසි කොට, මාර්ගගත ආරක්ෂණ පනත වෙනුවට තුලනාත්මක පනතක් ගෙන එන බවද ඒ මහතා සදහන් කළේය.
මෙම වසරේ සැප්තැම්බර් 15 හා ඔක්තෝබර් 15 අතර ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවද කී ඒ මහතා සමගි සන්ධාන ආණ්ඩුවක් යටතේ IMF යෝජනාවලට සංශෝධන ඉදිරිපත් කර මහජනතාවට සහන සලසන බවද සදහන් කළේය.