අමෙරිකානු ඩොලර් බිලියන තුනක පමණ ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හැකි ඉක්මනින් ලබාගැනීමේ වැඩපිළිවෙලක් කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය මේ වන විට යොමු වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ මෙම ඩොලර් බිලියන තුනක ණය මුදල ලබාගැනීමට සැලසුම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
එම ණය මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් තවත් තාක්ෂණික සාකච්ඡා වටයක් මෙම මස මුල් සතියේ පැවැත්වීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.
නමුත් මීට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම සඳහා ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට අවශ්‍ය බව සහ ඒ සඳහා ශ්‍රී ලංකා රජය ඔවුන් දිරි ගන්වන බවයි.










