ජනතාව පිට බදු බර නොපටවා විදෙස් රටවල සගවා ඇති ඩොලර් බිලියන ගණනක් වන ධනය මෙරටට රැගෙන ආ හැකි බවත්, ඒ හරහා ජනතාව පිට පටවා ඇති බදු බර අඩු කළ හැකි බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නමුත් හොරුන්ගෙන් තනතුරු ගත් පිරිස් හට එය කළ නොහැකි බවද විපක්ෂනායකවරයා කීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 59 වැනි අදියර යටතේ ගම්පහ බුත්පිටිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
Sri Lanka Latest News