• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරණය දින්නෙත් පච කියලා! මහඡන්දය දින්නෙත් පච කියලා! දැන් පුංචි ඡන්දයටත් මාලිමාව පච වැළක් කියාගෙන යනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 3, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
ජනාධිපතිවරණය දින්නෙත් පච කියලා! මහඡන්දය දින්නෙත් පච කියලා! දැන් පුංචි ඡන්දයටත් මාලිමාව පච වැළක් කියාගෙන යනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණය සහ මහමැතිවරණයෙන් පසුව පිට පිට 3 වැනි මැතිවරණයටත් අප මේ මොහොතේ මුහුණ දෙන බවත් ජනාධිපතිවරණයත් මහමැතිවරණයේදීත් බොරු කියා ජයග්‍රහණය කර දැන් පළාත් පාලන මැතිවරණයේ දී ද බොරු පොරොන්දු ඉදිරිපත් කර ජනතාව රවටා, ජනතාව මංමුලා කර, ජනතාව අන්දවා ජයග්‍රහණ ලබන්න මාලිමාව සැලසුම් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ බිබිල නගරයේ පැවැති ජන හමුවක් අමතමිනි.

එදා සුබ නැකතින් රට අනුරට පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරන බව පැවසුවත් මේ රජය 35000ක් රැකියා විරහිත උපාධිධාරීන්ට පළමු අයවැයෙන් පත්වීම් දෙනවා කිව්වත් ඒ පොරොන්දුව ද කඩ කර ඇති බවත් පොහොර සහනාධාරයවත් හරියට නොදී ගොවියාට ගුණාත්මක පොහොරවත් හරියට ලබා දී නැති බවත් ඉදිරියේ දී පොහොර සහනාධාරයවත් නොලැබිය හැකි බවත් ඊට අමතරව වගා හානි වන්දිවත් නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට දෙනවා කියු සහන කිසිවක් ලැබුණේ නෑ

බලයට පැමිණ පසු සහල් කිරිපිටි හා පොල් ඇතුළු බඩු මිල අඩු කරනවා කිව්වත් බඩු මිල වේගයෙන් වැඩි වී ඇති බවත් ජනතාවට අවශ්‍ය ලු‍‍‍‍‍ණු ටිකවත් දී ගන්න බැරි ආණ්ඩුවක් අද බිහිව ඇති බවත් විදුලි බිල 33%කින් අඩු කරන බව පැවසුවත් බලයට පැමිණි පසු විදුලි බල මණ්ඩලය ලාභ ලබන මොහොතක එම ප්‍රතිලාභය ජනතාවට නොදී මාස 6කට විදුලි බිල අඩු නොකරන බවට ජනතාවට පැවසු විට ජනතාව එයට එරෙහිව නැගි සිට මහජන උපයෝගීතා කොමිසමට යාම නිසා 20%කින් විදුලි බිල අඩු කළ බවත් තවත් 13%කින් අඩු කිරීමට ඇති බවත් එය අඩු කරන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම වරායෙන් බාන කොට තෙල් සදහා එක මිලක් පාරිභෝගිකයාට තවත් මිලක් එයට හේතුව කොමිස් දුෂණ වංචා හොරකම නිසා බවත් තෙල් මත ලොකු බදු බරක් ඇති බවත් එය ඉවත් කර තෙල් මිල අඩු කරනවා කිව්වත් තවමත් අඩු නොකළ බවත් බඩු මිල, වැට් බදු, සෙසු බදු ආදිය අඩු කරන බව පැවසුවත් එය ද නොවූ බවත් රටේ ජනතාවගේ ලුණු අවශ්‍යතාවවත් මේ රජයට සපුරා ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

බොරු පිට බොරු කියන එක රජයේ පුරුද්දක් වෙලා

බොරු පිට බොරු කියූ මේ රජය අලු‍‍ත්ම බොරුව ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැනවූ ප්‍රතිචාරක බදු දින 90ට අත්හිටවූයේ රජය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ලියූ ලියුමක් නිසා යැයි රජයේ ඇමතිවරයෙකු කිව්වත් මේ සහනය අපට පමණක් නොව බදු ගැසූ සෑම රටකටම ලබා දුන් බවත් එසේ කියා වෙනමම දූත කණ්ඩායමක් අපේ රටින් ගොස් සාකච්ඡා අවසන් කර ඇති බවත් ඒ සම්බන්ධ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වත් අවසානයේ එවැනි නිවේදනයක්වත් නිකුත් නොවූ බවත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඕන නිවේදනය නම් නිකුත් කර ඇති බවත් මේ නිවේදනයට ඇමෙරිකානු රජය සම්බන්ධ නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වේදිකාවක් දැක්කොත් ආණ්ඩුව බොරු විදිනවා

මේ රජයේ මැතිඇමතිවරු ප්‍රමුඛ ජනාධිපතිවරයා වේදිකාවකට නැග්ගොත් මයික්‍රෆෝන් එකක් අතට ගත්තොත් බොරු කියන බවත් මේ රජය දැන් පරණ බොරුවලට අමතරව අලුත් බොරු ලැයිස්තුවකුත් කියන බවත් සාමාන්‍ය ජනතාවට ලබා දෙන සහනාධාර වැඩි කරනවා සේම වගා සහනාධාර ද අලුතින් ලබා දෙන බව පවසන බවත් මේ අය මේවා අයවැයට ඇතුළත් නොකර මැතිවරණ සමයේ නැවතත් බොරු පොරොන්දු දිදි යන බවත් 3 වැනි වතාවටත් ජනතාව රවටන්නට කටයුතු කරන බවත් මේ බොරුකාර සංස්කෘතියට නැවතීමේ තිත තැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අපිට ජනාධිපතිගේ අරමුදල් තිබුණත් එකයි නැතත් එකයි

බොරු කියා අවසානයේ ජනතාවට මේ බොරු තේරුණු පසු රජය අලු‍ත් තුරුම්පුවක් දියත් කර ඇති බවත් රජයේ අවසාන තුරුම්පුව ලෙස මාලිමාවේ පළාත් පාලන ආයතනවලට පමණක් ප්‍රතිපාදන ලබා දෙනවා කියා තර්ජනය කරන බවත් ජනාධිපතිවරයා මේ පළාත් පාලන පනත් ගැනවත් අවබෝධයක් නැති බවත් ජනාධිපතිවරයා යනු රටේම නායකයා වුවත් මේ ජනාධිපතිවරයා මේ වන විට ජනතා විමුක්ති පෙරමුණට පමණක් නායකයා වී පක්ෂග්‍රාහී ප්‍රකාශ නිකුත් කරන බවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට වැඩ කළා සේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන තිබුණත් නැතත් සමගි ජන බලවේගය ජය ගන්නා පළාත් පාලන ආයතනවලට වැඩකළ හැකි බවත් ජනතාව අපේක්ෂා කරන සේවාවට වඩා ඉහළ සේවාවක් කිරීමේ වගකිම බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

අද ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න වෙලා තියෙන්නේ රජයට

මෙසෙයි පුටුවයි අරන් ආවොත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියා පුරසාරම් කියපු රජයට අද ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න සිදුව ඇති බවත් අද වන විට අප රටේ ජන සමාජය මංකොල්ලකරුවන්ගේ, මිනිමරුවන්ගේ, ඝාතකයන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් සංවිධානාත්මක අපරාධ කල්ලි කුඩු කණ්ඩායම් මිනිමරුවන් ඝාතක කණ්ඩායම් රටේ නීතිය අතට ගෙන පාතාල නීතිය ක්‍රියාත්මක කරන බවත් නීතියේ පරමාධිත්‍ය අද විනාශ වී ඇති බවත් නීතිය හා සාමය කඩවෙමින් පවතින බවත් මේ රජයට නීතියේ ආධිපත්‍ය සුරක්ෂා කරන්න නොහැකි නිසා කැලෑ නීතිය ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිවසේ දී කාමරයේ දී මහමගදී වැඩබිමේදී උසාවියේ දී පවා මිනිමැරුම් සිදුවන බවත් මේ මිනිමරු කණ්ඩායම් තමන්ට රිසි ආකාරයට කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ රජය සහ ජනාධිපතිවරයාට නීතිය හා සාමය ස්ථාපිත කළ නොහැකි බවත් ඔවුන්ට නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් කයිවාරු ගැසීම පමණක් සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

නිධානයක් කැඩුවා වගේ! කොටින්ගේ බැංකුවල තිබූ රත්තරන් තොග පිටින් මතුවෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඩෑන්ගේ වෙඩික්කරු අල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.