ගුවන් සේවා අමාත්‍යාංශය ජපානයේ පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර ඇත.
එම පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිතුමාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කරනු ඇති බව ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් සඳහන් කර සිටියි.
අප මෙම ගනුදෙනුව පිළිබදව අප ඊයේ දින අනාවරණය කළේ මෙසේය.
ජපානය ආයෙත් තරහ කරගනී! එයාර්පෝට් එකේ ජපන් කොම්පැනියකට දේශපාලන බලපෑම් කරලා! ජනාධිපති නිමල් සිරිපාල කැඳවා විමසීමක් කරයි!
කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය බාරව සිටින ජපාන තායිසෙයි සමාගම වෙත අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සිදු කර ඇති දේශපාලන බලපෑමක් පිළිබදව එම සමාගම ජපන් තානාපති කාර්යාලය වෙත පැමිණිලි කොට ඇත.
ඒ අනුව ජපාන තානාපති කාර්යාලය ජනාධිපතිවරයා වෙත මේ පිළිබදව පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ.
මෙම පැමිණිලි කිරීමෙන් පසු ජනාධිපතිවරයා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කැදවා මේ පිළිබද විමසීමක් කොට ඇති බවත්, ඊට බාධා නොකරන ලෙස දැනුම් දීමක් කොට ඇති බවක්ද දැනගන්නට ඇත.
වත්මන් පාලනය ජපානය සමග ගැටුම් ඇති කරගත් පළමු අවස්ථාව මෙය නොවේ.
රාජපක්ෂ පාලනය ආරම්භ වූ මොහොතේම මොනෝරේල් ව්‍යාපෘතිය ඒකපාර්ශ්විකව අත්හිටුවිම හේතුවෙන් ජපන් රජය ලංකාවට ආධාර කිරීම නවත්වා තිබිණ.










