මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු, කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසනවා. (Sri Lanka Latest News)
අඟුලාන පොලිසියට අනුයුක්තව සේවයේ නිරත පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරියකු ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරකු සහ දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් පැන්සිස්ට ලද තොරතුරකට අනුව නවාතැන්පොළ වටලා සැකකරුවන් පරීක්ෂා කිරීමේදී අඟුලාන පොලිසියට අනුක්ත කොස්තාපල්වරයා සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක් ද දෙහිඅත්තකණ්ඩිය පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 20ක් සහ විද්‍යුත් තරාදියක් ද සැකකාරියන් දෙදෙනා සන්තකයේ තිබී තුල් නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 260ක් සහ අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 40ක් සමඟ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සඳහා යොදා ගන්නා උපකරණ රැසක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ කොස්තාපල්වරයා මෙම සාදය සඳහා සහභාගි වී ඇත්තේ රාජකාරි අතරතුරදී බවයි අනාවරණය වී ඇත්තේ.
hirunews